මේ කියන්න යන්නේ අද උදෑසන සිදුවූ තවත් හදිසි අනතුරක් නිසා ඇසෙන අනුවේදනීය කතාවක්..
කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් දුම්රියේ ගමන් කරමින් සිටි මිතුරන් කිහිපදෙනෙක් අතරින් එක් තරුණියක් මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා.. ඇය අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බවයි පොලිසිය පැවසුවේ..
මේ පිරිස ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් පැමිණ ඇති අතර 18 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊට එක්ව තිබුණා..
එලෙස ඔවුන් පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී තිබුණා..
මේ අනතුරෙන් ඇගේ ඇගේ පාදයට දැඩි තුවාල සිදුවූ අතර, මෙම තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර තිබුණා..