මේ කියන්න යන්නේ මීට මාස කිහිපයකට ඉහතදී මිය ගිය ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් ගැන ඇසෙන කතාවයි..
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත, ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා..
එසේම බංගලාව බාර දෙන බවට දැනුම්දීමක් හෝ කර නැතැයි දැනගන්නට ලැබෙන අතර, එම බංගලාව භාරදෙන ලෙස සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරාට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් එය භාරදීමට ඉදිරිපත් නොවීම ප්‍රහේලිකාවක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවා..
කෙසේ වෙතත්, මේ වන විට අදාල තත්ත්වය සැලකිල්ලට ගෙන එම බංගලාවේ ජලය සහ විදුලිය සැපයුම පසුගියදා විසන්ධි කර ඇති අතර, මේ අතර හිටපු මැති ඇමතිවරුන් විසිහත් දෙනකු පමණ රජයේ බංගලා දැනට භාරදී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරනවා..
ලංකාදීප ඇසුරෙන්..