මෙහෙම ඉරණමක් ඇයට අත්වේවි කියලා ඇගේ මවවත් , ළඟ සිටි කිසිවෙකුත් කිසිම විටක සිතන්නේ නැතුව ඇති.. ඒත් දැන් ඇය සියල්ලන්ගෙන්ම ඈතට ගිහින්.. මියගිය මෙලානි ගැන ඇසෙන සංවේදී කතාවයි මේ..
සෙත් ශාන්තියක් සිදු කර ගැනීමට වරකාපොළ ගණිතපුර අසපුවකට පැමිණි මවක් ගණ දෙවි පිළිමය එළකිරිවලින් නාවමින් සිටියදී එම පිළිමය අල්ලාගෙන සිටි ඇගේ දියණිය හදිසියේ ඇද වැටී මරණයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා.. ඒ වරකාපොළ ප්‍රදේශයෙන්..
වරකාපොළ පොලීසිය සඳහන් කරන පරිදි, මෙලෙස මිය ගොස් ඇත්තේ නොච්චියාගම, ගාලදිවුල්වැව, නාවක්කුලම ග්‍රාමයේ පදිංචිව සිටි 40 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ මෙලානී නිසංසලා චන්ද්‍රපාල නමැති දෙදරු මවක්..
ඇයට පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින බවත් සැමියා නීත්‍යානුකූලව ඇගෙන් ඉවත් වී ඇති බවත් පොලීසිය පැවසුවා 18 හැවිරිදි වැඩිමල් පිරිමි දරුවා පියා සමඟ වෙනම පදිංචිව සිටින බව පවසනවා..
මෙම කාන්තාව 2019 වර්ෂයේ සිට වරකාපොළ පොලිස් වසමේ ගණිතපුර ප්‍රදේශයේ කේන්දර බැලීම හා සෙත් ශාන්ති සිදු කරන අසපුවකට පැමිණ සෙත් ශාන්ති සිදු කරගෙන ඇති බවත් එම අසපුවේ දියුණුව වෙනුවෙන් මූල්‍යමය ආධාර, ශ්‍රම දායකත්වය හා අසපුවෙන් සෙත් ශාන්ති සිදුකර ගැනීමට පැමිණෙන මහජනයාට දන්සල් පවා දුන් බව මව වන 59 හැවිරිදි මුදියන්සේලාගේ චන්ද්‍රාවතී වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවසුවා..
කොහුවල රැකියාවක් කරන ඇගේ 59 හැවිරිදි මව වන චන්ද්‍රාවතී නැමැත්තිය බස් රථයකින් වරකාපොළට පැමිණීමෙන් පසුව දියණිය සමඟ නොච්චියාගම සිට පැමිණ සිටි පිරිස මුණ ගැසී පස්දෙනාම පසුව වරකාපොළ කරවනැල්ල මාර්ගයේ ගණිතපුර අසපුවට පෙරවරු 8.45ට පමණ ගොස් ඇති බවත් පොලීසිය පැවසුවා..
එම අවස්ථාවේදී අසපුවෙන් කේන්දර බැලීමට සෙත් ශාන්ති කර ගැනීමට දිවයිනේ නන් දෙස පදිංචිව සිටින විශාල පිරිසක් පැමිණ සිට ඇති බවත් අසපුවේ පැවති බෝධි පූජාවට මිය ගිය කාන්තාව ඇතුළු පස් දෙනා සහභාගි වී සෙත් ශාන්ති සිදු කරගෙන අවසානයේ ඒ ආසන්නයේ ඇති ගන දෙවි රූපය එළ කිරි ලීටර් පහකින් නෑවීමට ගොස් තිබෙනවා...
මිය ගොස් ඇති කාන්තාව සිමෙන්ති පඩියක හිඳ ඝන දේවි රූපය අල්ලාගෙන සිටිය දී ඇගේ 59 හැවිරිදි මව කෑන් එකක තිබුණු එළකිරි ලීටර් 5 ගෙන ගණ දෙවි රූපය නාවා තිබෙනවා.. නෑවීමෙන් පසුව දෙදරු මවගේ ඇස් දෙක උඩට ගොස් ඇති බවත් පසුව ආසන්නයේ සිටි මව හා පුංචි අම්මා ඇයව කාර් රථයෙන් වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා... වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අසාධ්‍ය තත්ත්වයේ සිටි කාන්තාව පරීක්ෂා කර බලා මිය ගොස් ඇති බවට ඥාතීන්ට දන්වා තිබෙනවා..
පසුව මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය සිදු කිරීමට නියමිතව තිබුණා..
කෙසේ වෙතත්, මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ ගාලදිවුල්වැව නාවක්කුලම පොදු සුසාන භූමියේ දී සිදු කර තිබුණා..