තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා ලංකා ඉතිහාසයේ නොමැකෙන නාමයක් හිමි ආන්ඩුකාරවරයෙක්.... ඒ අපුරූ ප්‍රේම කතාවක් හින්දා... අදටත් ඒ ආදර කතාව ලෝකය පුරාම ප්‍රසිද්ධ කතාවක්....
1805 දී ලංකාවේ දෙවෙනි ආන්ඩුකාරවරයා විදියට පත් වෙලා එන්නේ තෝමස් මේට්ලන්ඩ්. ආණ්ඩුකාරවරයා ලංකාවට ආවම ඔහුව පිළිගන්න ඉතා විශාල සාදයක් සූදානම් කරලා තියෙනවා.
නැටුම්, ගැයුම්, වැයුම් වලින් අලංකාර වුන මේ සාදය සතියක් තිස්සේ පැවැත්වුණා කියලා තමා ඉතිහාස කතන්දර වල තිබෙන්නේ. ඒ සාදයේදි එක් නැටුමක් වෙනුවෙන් ලංකාවේ උන්න රොඩී කුලයේ තරුණියන් කිහිප දෙනෙකුටත් ඉඩ ලැබිලා තියෙනවා.
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත හෙල්ලිලා යන කාන්තා රුව මතුවෙන්නේ ඒ රොඩී නර්තන කණ්ඩායමෙන් ඒ සුරූපී රොඩී කෙල්ල- ලොවීනා...
මේ වෙද්දී ආන්ඩුකාරයවරයාගේ වයස අවුරුදු 40යි. තලෙළු හා දීප්තිමත් සමක් එක්ක තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟලක් තිබුණ ලොවීනා ළඟ හතලිස් හය හැවිදිරි අවිවාහක ආණ්ඩුකාරවරයාගේ හිත නවතිනවා.
ලොවීනා දුටුවන්ගේ නෙත් වසඟ කරන රූපයක් තිබ්බ රොඩී කෙල්ලක්ලු... වයස අවුරුදු දහසයක නව යොවුන් ලොවීනාගේ දෑස් කැල්මෙන් මිදෙන්න මේ මැදි වියේ පිරිමියාට කොහෙත්තම ඉඩක් ලැබෙන්නේ නැහැ..
සාදය අවසාන වෙනකොට මේට්ලන්ඩ් ලොවීනා ගැන සියලුම තොරතුරු හොයාගන්නවා. ඇය රොඩී කුලයේ ස්ත්‍රියක් බව දැනගත්තත් ඔහුගේ ප්‍රේම වෙනසක් වෙන්නේ නැහැ. ඔහුගේ හිත ලොවිනා වෙනුවෙන් ප්‍රේමයෙන් පිරිලා යනවා...
රහසේම ඉදිවෙන උමං මඟකට මඟ විවර වෙන්නේ ප්‍රේමය වෙනුවෙන්මයි... ලොවිනාව නිතරම තමන් ලඟම තියාගන්න උවමනා හින්දා තෝමස් මෙට්ලන්ඞ් තම නිල නිවස ඉදිකිරීමට තෝරා ගන්නේ ලොවීනා ජීවත් වුන රොඞී ගම්මානය අසල මීටර් 100 ක පමණ උසට පිහිටලා තිබුන මුහුදෙන් වටවූ ගල්කිස්ස ප්‍රදේශය.
තමා සහ ලොවීනා අතර වන ප්‍රේමයට කිසිවෙකු සතුට පල නොකරන බව මුල ඉඳන්ම දැනගත්ත මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ නිල නිවාසය ඉදිකරනකොට ඒකට රහසිගත සැලැස්මකුත් එකතු කරන්න අමතක කරන්නේ නැහැ.
ඔහු ඒ නිල නිවසේ වයින් ගබඩාවේ සිට ලොවීනා සිටින රොඞී ගුබ්බෑයමේ ළිඳ අසලට රහස් උමං මාර්ගයක් හදවනවා. දෙන්නා දෙන්නාට හුගාක් ප්‍රේමයෙන් බැදෙනවා...
මේ මැදුර ඉදිවන වන කාලයේදී මේට්ලන්ඩ් නවාතැන් ගෙන සිටින්නේ කොළඹ නගරයේම තැනක. ඔහු සාද පවත්වන්න හැම දවසකම හවස් වරු වෙන් කරනවා, විවිධාකාර හේතු සකසාගෙන ලොවීනා මුණ ගැහෙන මේට්ලන්ඩ් ඇයට පිළිගන්නට හැකි තරමට ආදරය පෙන්වනවා. අවසානයේදී ලොවීනා මේ සුදු ජාතික ආන්ඩුකාරවරයාගේ සුන්දර හදවතට අප්‍රමාණව ප්‍රේම කරන්න පටන් ගන්නවා...
සුදු ජාතික මේට්ලන්ඩ්ට ලොවීනාගේ සිංහල නම උච්චාරනය කරන එක අපහසු වෙනවා. ඔහු ඒ වෙනුවට පහසු නමක් ඇය වෙනුවෙන් භාවිතා කරන්වා. ඒ තමයි ලැවීනියා.
මේ අතර වාරයේදී ඉතා ඉක්මනින්, අනෙක් කාටත් හොරෙන් මේ දෙදෙනාගේ ආදර කතාව දළු ලාමින් වැඩෙනවා.
ලොවීනාගේ පියා විසින් පවත්වාගෙන ගියපු බාල් නැටුම් කණ්ඩායමට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සාද වලට පැමිණීම ඇරෙන්නට අන් රාජකාරියක් කරන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔහු හැම හවසකම ඔවුන් තමා නවාතැන්ගෙන උන් තැනට ගෙන්වනවා.
ඒ අතර වාරයේ ඉතා ඉක්මණින් මේට්ලන්ඩ්ගේ නිල නිවසේ සියලු කටයුතු අවසන් වෙනවා. මේට්ලන්ඩ් නිල නිවසේ පදිංචියට යන්නේ ඉතාම ප්‍රීතියෙන්. දෙදෙනාට නිතරම රහසින් හමු වීමට අවස්ථාව උදා වෙනවා. ඒ විදියට ගෙවෙන්නේ ඔවුන්ගේ ප්‍රේම කතාවේ ඊළඟ ඉතා ශෘංගාරාත්මක කාලය.
ඒ විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් මේට්ලන්ඩ් තවත් අපූරු දෙයක් කරනවා. ඒ තමයි නිල නිවසේ ලිපිනය සඳහන් ලිහිණියා කන්ද වෙනුවට තමන්ට හුරු කටවහරේ විදියට ලැවීනියා කන්ද කියලා පාවිච්චි කරන එක. ඉංග්‍රීසියෙන් කියෙව්වාම මවුන්ට් ලැවිනියා කියලා කියැවෙන්නේ තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් ප්‍රේමවන්තයෙක් වෙනස් කල ගමක නම.
සුරූපී ලොවීනාට තෝමස් මේට්ලන්ඩ් කෙතරම් ප්‍රේම කරාද කියලා පැහැදිලි වෙන්නේ ඇය වෙනුවෙන් ඔහු ඇගේ වර්ගයාගේ සුව පහසුව උදෙසා යම් යම් තීරන ගන්න නිසා.
ඒ කාලේ රොඩී ස්ත්‍රීන්ට උඩුකය වැසෙන ඇඳුම් අඳින්න අවසර තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාසවල දොර ජනෙල් පල දෙකකට පිඳුරු සෙවිලි කරන්න අවසර තිබුනෙත් නැහැ. ඒත් ලොවීනා වෙනුවෙන් මේට්ලන්ඩ් ඒ අයිතිවාසිකම් රොඩී රැහැට ලබා දෙන්නත් කටයුතු කරනවා.
දෙදෙනා ලැබෙන හැම ඉඩක්ම එකිනෙකා අනෙකා කෙරෙහි දරන ප්‍රේමය පෙන්වන්න පාවිච්චි කරමින් කාලය ගෙවනවා.
ආදරෙයි කැස්සයි හංගන්න බැහැ කියනවා නේ... මේ අසම්මත පෙම් කතාවට තටු ලැබෙනවා...
ආණ්ඩුකාරවරයාගේ මේ ප්‍රේම කතන්දරය ගැන ලංකාවේ උන්න ඔහුගේ පහල නිළධාරීන් දැනගන්නවා. ඔහු කෙතරම් උත්සාහ කලත් ඔහුට ඒ කට කතා නවත්තන්න හැකි වෙන්නේ නැහැ. ඉන් වැඩි කාලයක් යන්න කලින් බ්‍රිතාන්‍යයේ ඔහු වගකියන නායකයන් මේ ගැන දැණුවත් වෙනවා.
උඩරට අල්ලාගෙන තම දේශ සීමා තහවුරු කරවාගන්න යැවූ නිළධාරියාගේ ඒ හැසිරීම් විලාශය ගැන ඔවුන් කිසිලෙසකින්වත් සතුටු වෙන්නේ නැහැ. අනෙක් අතට තමන්ගේ තත්වයට කෙලෙසකින්වත් නොගැලපෙන තරුණියක සමඟ ඔහුට ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගැනීමට තිබූ උවමනාව බ්‍රිතාන්‍ය නිළධාරීන්ට සිතාගන්නට ලැබෙන්නේත් නැහැ.
නමුත් මේට්ලන්ඩ් අවිවාහකයෙකු වීම තුළ ඒ සම්බන්ධතාවය නීතී විරෝධී ලෙස හුවා දක්වන්න නොහැකි බව ඔවුන් වටහාගන්නවා. ඉන් පස්සේ සාමාන්‍ය මාරුවීමක් විදියට මේට්ලන්ඩ්ව මෝල්ටාවට මාරු කරන්න ඔවුන් තීරණය කරනව. ඉන් බ්‍රිතාන්‍යට වන අවමානය නවතාගන්නට හැකි වෙන බව ඔවුන් විශ්වාස කරනවා.
මේ ආරංචිය ලැබුනට පස්සේ මේට්ලන්ඩ් ඉතාම කණස්සල්ලට පත් වෙනවා. ඔහුට කිසිලෙසකින්වත් ඔහුගේ ප්‍රේමවන්තිය ලොවීනාව හැර යන්නට හිතක් නොතිබුනත්, ඔහුට එවෙලේ බ්‍රිතාන්‍ය කිරීටයේ තීරනය ඉක්මවා යන්නත් බැරි වෙනවා.සදාකාලික සමුගැනීමක් වේවී කියලා ඔහු මොහොතකටවත් හිතන්න නැතිව ඇති...
” ලැවීනියා ..මම අනිවාර්‍යෙන්ම ආයෙ එනවා.. ඒ එනකල්, පරෙස්සමින් ඉන්න ඕනි..මම ඔයාව ඇරෙන්න වෙන කවුරුත් එක්ක විවාහ වෙන්නේ නැහැ… “තමන්ගේ සුන්දර ප්‍රේමවන්තියට එහෙම පොරොන්දු වෙන මේට්ලන්ඩ් 1811 දී ලොවීනාට සමුදෙනවා.
ඒත් මේට්ලන්ඩ්ට ඒ පොරොන්දුව ඉටු කරන්න ආයෙම ලංකාවට එන්නෙ ලැබෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රේමවන්තයාගේ හදිසි සමුගැනීම දරාගනන් බැරි වෙන ලොවීනා සිය දිවි නසාගත්ත බවත් ඉතිහාස කතා වල කියැවෙනවා. ලොවීනා යළි දකින්නට එන්න නොහැකි වුනත් 63 අවුරුද්දක් වෙලා 1824 දී මිය යනතුරුම තනිකඩව ඉන්න පොරොන්දුව නම් ඔහු ලොවීනා වෙනුවෙන් රකිනවා.
තමා විසින් ඉදිකෙරූ නිළ නිවසට මවුන්ට් ලැවීනියා කියලා නම් කරන්න කියලා මේට්ලන්ඩ් මිය යන්න කලින් කල ඉල්ලීමක් කරනවා...
කිරීටයෙන් ඒකට යහපත් ප්‍රතිචාර දක්වලා ඒ නමින් නිළ මැදුර නම් කරනවා.
ඉන් පස්සේ ආණ්ඩුකාර නිල නිවස විදියටත්, ඊට පස්සේ දෙවන ලෝක යුද්ධ කාලේදි හමුදා රෝහලක් බවටත් පත් වුන මේ ප්‍රේම කතාවට පාදක වුන මැදුර, මේ වෙනකොට ගල්කිස්ස මහ හෝටලය විදියට ලොව පුරා අවධානය සහ ආකර්ශණය දිනාගෙන විරාජමානව බැබලෙනවා.
ලොවිනාගේත් තෝමස් මෙට්ල්ඩන් ආන්ඩුකාරවරයාගෙත් ආදර කතාව ආදර කතාව ප්‍රසිද්ධ වෙන්නේ ඒ නිසායි.