ඝාතනය කළ තරුණ මවකගේ සිරුරක් නිවසක තිබී සොයාගෙන තිබෙනවා.
මුන්දලම, මහමාඑළිය ප්රදේශයේ එක් දරු මවක් මෙසේ ඝාතනය කර තිබියදී සොයා ගත් බවයි මුන්දලම පොලිසිය පවසන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මංගලඑළිය, මහමාඑළිය පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් වූ දිලිණී මධුෂානී නැමති කාන්තාවක්.
පහර දීමක් හේතුවෙන් නිවස තුළදිම මරණය සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
කාන්තාව හා සැමියා අතර ඇතිවු කිසියම් ආරවුලකින් පසු සැමියා විසින් පහරදීම කරන්නට ඇති බවද පොලිසියේ සැකයයි.
මියගිය කාන්තාව නිවසේ කාමරය තුළ වැටි සිටිනු ඇගේ මිත්තනිය දැක තිබෙන අතර ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.