හැඩට ඉන්න අපි කවුරුත් කැමතියි..
ඒත් ඉතින් සමහර වෙලාවට අපේ ශරීරය නිසි පරිදි අපට පවත්වාගන්න බැරි වුණොත් අන්න එහෙම වෙලාවට තරබාරුකම ඇතිවෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වේවි..
මේ කියන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නය නිසා දුක් විඳින ඔයාට කතාවක්.. ශරීරයේ සුන්දරත්වයට හානි සිදු කරන එදිනෙදා වැඩකටයුතු වලට බාධා පමුණුවන එසේම බරපතළ රෝග ගණනාවකටම හේතු සාධක සපයන වර්තමානයේ සුලබව දකින්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක් ලෙස ස්ථූලතාව හඳුන්වන්නට පුළුවන්.
මෙම අධික තරබාරු බවට හේතු වන්නෙ දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීමයි.
එසේම ශරීරය වෙහෙසවා වැඩකටයුතු නොකිරීම, ව්‍යායාම් නොකිරීම, වැඩිපුර නිදාගැනීම වැනි කරුණු මෙම ස්ථූලතාවට බලපානු ලබයි.
ආයුර්වේදයට අනුව මොකක්ද මේ ස්ථූලතාව කියන්නෙ සහ එයට නිවසේදීම කළ හැකි ප්‍රතිකර්ම, එදිනෙදා දින චර්යාව හදා ගන්නෙ කෙසේද යන්න අදත් ඔබව දැනුම්වත් කිරීමට රංගන ශිල්පිනියක් සේම ආයූර්වේද වෛද්‍යවරියක් වන අයෝමි ශානිකා සුදානම් ..
අද මම ඔබව දැනුම්වත් කරන්නෙ බොහොමයක් කාන්තාවන්ට ප්‍රශ්නයක් වී තිබෙන අධික තරබාරු කම ගැනයි.
තරබාරුකම අඩු කර ගැනීම සඳහා කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම්, ශරීරයේ තිබෙන අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීම සඳහා කරන සැත්කම් වගේම රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලට යොමුවීම දක්නට ලැබෙනවා. එන්නත්කරණය මගින්ද මේ ගැටලුඅවට විසඳුම් සෙවීමට උත්සුක වෙනවා.
මේ ප්‍රතිකර්ම කිරීම මඟින් ක්ෂණික විසඳුම් ලැබුණත් පසුකාලීනව මෙයින් සිදුවන අතුරු හානි පිළිබඳව නම් කාන්තාවන් සිතන්නෙම නැහැ. හැමවිටම කාන්තාවක් දුර බලා වැඩ කිරීම අවශ්‍යයි.
ඊළඟට තරබාරු වී ඇතිබව දැන ගන්නේ කෙසේද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන් .
අප වෙනදට අදින පළැඳින ඇඳුම් අදිනවිට ශරීරයට හිරවෙනව නම්, අත්වලින් පහළට ඇඳුම් අදින්නට බැරි නම් අපි මහත්වෙලා යනුවෙන් අනුමාන කරන්නට පුළුවන්. ශරිරයේ මස් එල්ලා වැටෙනවා නම් වෙනදාට වඩා ශරීරයේ ලස්සන අවලස්සන වෙලා නම් ඒ හැරුණු විට වෛද්‍ය පරීක්ෂණයකින් අපේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිවී තිබෙන බව ඔප්පු වුවොත් ඔන්න අපිට පිළිගැනීමට හැකියි අපි තරබාරු වී ඇති බව.
වෛද්‍ය විද්‍යාත්මකව අර්ථ දැක්වුවහොත් තරබාරුකම ශරීර ස්කන්ධ දර්ශකය( Boday mass index) ලෙස අර්ථ දක්වන්නට පුළුවන්.ශරීර ස්කන්ධ දර්ශක අගය 18-25 අතර නම් ඔබ තරබාරු නැත. ඔබ හරිම ප්‍රමාණයේ ඉන්නා අතර ඊට අඩු නම් මන්ද පෝෂණ තත්ත්වයක් පෙන්නුම් කරන අතර අගය 25 ට වැඩිනම් ඔබ තරබාරු යනුවෙන් පිළිගන්නට හැකියි.
මම තරබාරුයි සහ මම මෙයට කුමක් කරනවාද යනුවෙන් විසඳුම් සොයනවා මිස මෙසෙ වීමට බොහෝ දෙනෙක් හේතු සොයන්නෙ නැහැ.තරබාරු වීමට ප්‍රධාන හේතු ලෙස,
පාලනයකින් තොරව ආහාර ගැනීම ප්‍රධාන ආහාර වේල් දෙක අතර පැය හතරක විරාමයක් තිබිය යුතුමයි.
ආහාර දිරවීම සඳහා ශරීරයේ එන්සයිම ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක විම සඳහා පැය හතරක කාලයක් ශරීරය ඔබෙන් ඉල්ලයි.
කාන්තාවන්ගෙ හෝමෝන අසමතුලිතතාව කාන්තාවන් සියයට හෑත්තෑවක් අසුවකගෙ පමණ ඔසප් චක්‍රය අක්‍රමවත්. ඔසප් වීම නියමිත දින විසි අටකට සැරයක් සිදුවීමට නියමිත වුවත් බොහෝ අයකුගෙ එසේ වෙන්නෙ නැහැ.
එය දින තුනක් පහක් පරක්කු වුවත් ඊට එහායින් මෙම ගැටලුව බලපානවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුමයි. මෙම තත්ත්වය සිදුවන්නෙ ශරීර අභ්‍යන්‍තරයේ ඇති හෝමෝන අසමතුලිතතාව නිසයි. ඔබ බොහෝ විට කෑම කෑවත් නොකෑවත් ව්‍යායාම් කළත් මෙම ගැටලුව තිබෙනවා නම් තරබාරු වීම නැවැත්වීමට නොහැකිය.
මානසික ආතතිය ඔබ අධික කම්මැළි කෙනෙක් නම් බොහෝ විට දවල් ආහාරය ගෙන නිදා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අහාර දිරවීමට එය බාධාවක්. එම නිසා ආහාර ගත් විගස නින්ද සෙවීමට මහන්සි නොවන්න
මානසික පීඩනය
විශේෂයෙන්ම මෙම කොරෝනා කාලයේ ගොඩක් මිනිසුන් පසුවන්නෙ මානසික ආතතියෙන්. අසන්නට දකින්නට ලැබෙන පුවත් සමඟ අපේ ආතතිය වැඩි වීම සාමාන්‍යයයි. මානසික තත්ත්වයන් සමඟ ඇති වන හෝමෝන තත්ත්වයන් වගේම කනස්සල්ලෙන් සාංකාවෙන් සිටිනවා නම් එම දේවල්ද මේ ගැටලුවට බලපානු ලබයි
ව්‍යායාම් නොකිරීම
ශරිරයට අවශ්‍යම කාරණයක් ලෙස ව්‍යායාම් හඳුන්වන්නට පුළුවන්. ව්‍යායාම් සඳහා කාය වර්ධන මධ්‍යස්ථානයන්ට යෑම අවශ්‍යම කරුණක් නොවෙයි. ඔබට හැකි නම් ඔබේ නිවස අතුගෑම මල්පැළ සිටුවීම,වල්පැළ ගැලවීම වැනි කාර්යයන් ඔබට ව්‍යායාමයක් සේම දිනකට මීටර් පන්සියයක් කිලෝමීටරයක් පමණ හොඳින් දෑස් දෙපසට දමා ඇවිදිමෙන්ද ශරීරයට ව්‍යායාමයක් ලැබෙයි.
ඉහත කතා කළ කරුණු කාරණා එකක් හෝ දෙකක් නැතිනම් හතරම පහම තිබෙනවා නම් ඔබ එකින් එක ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. අනවශ්‍ය ලෙස ප්‍රතිකර්ම කිරීමට යොමු නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හෝ ආයූර්වේද වෛද්‍යවරයෙක් මුණ ගැසී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන්ම රූපවාහිනි දැන්වීම්වලට නොරැවටෙන්න. ඊට අමතරව ඔබට මම පවසන ප්‍රතිකාර නිවසේදීම කරන්නට හැකි නම් ඔබේ තරබාරු කමට විසඳුමක් ලැබේවී.
01.පිරිසිදු මී පැණි ගෙන මීපැණි ජෑම් බෝතලයකට දමන්න.පසුව සුදුලූනූ බික් කිහිපයක් සුද්ද කර මී පැණි බෝතලයට දමා වසා තබන්න. මාසයකින් පමණ සුදුලූනූ බික් උදේ හවස එක බැගින් ආහාරයට ගන්න.ඒ අතරතුර ඊළග මාසයටද මේ ආකාරයට සකස් කර ගන්න.
02.උළුහාල් තම්බා බොන්න.
03.කෑමට උළුහාල් එකතු කර ගන්න.
04. කරපිංචා කොළ මිටක් සහ ගම්මිරිස් ඇට හතරක් ගෙන එයට සියඹලා බොර ටිකක් සහ ලුණු ස්වල්පයක්ද සුදුලූනූ බික් හතරක්ද එකතු කර හොදින් අඹරා ශීතකරණයේ තබා නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක් උදෑසන සහ රාත්‍රි ආහාරයට එකතු කර ගන්න.
05. නැතිනම් ඉහත මිශ්‍රණයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් ගෙන එයට වතුර කෝප්ප දෙකක් දමා එකට හිදුවා පානය කරන්න.
06. උදේ ආහාරය වශයෙන් දිනපතා ඉඟුරු කැබැල්ලක් දමා පිළියෙල කර ගත් කැඳ කෝප්පයක් පානය කරන්න.
07. රාත්‍රීයට නින්දට යෑමට පෙර මඳ රස්නෙ වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැදි ½ සහ මී පැණි තේ හැන්දක් දමා දිනපතා පානය කරන්න.
08. කරපිංචා කොළ කොටා ගත් ඉස්ම කෝප්ප ½ සඳහා දෙහිගෙඩි ½ ක ඉස්ම මිශ්‍රකර උදෑසන පානය කරන්න.