මේෂ – ලැබීම් සහිතයි
ආරම්භයේදී කුමන හෝ ලාභදායි තත්ත්වයක් දක්නට ඇත. ඒ සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න හරහා බැවිනි. වන්දනා ගමනක් හෝ වෙනත් දුර ගමනක් යෙදේ. සමාජයේ ප්‍රශංසාවට ලක්වන පොදු වැඩවල නිරත වේ. සිත් රිදීම් කලකිරීම් මව සමග අමනාපකම් ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් ඉවසීමෙන් කල් ගෙවන්න. අපල අවමවීමට බෝධියට පැන් කළයක් දමා බෝමළුව අමදින්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
වෘෂභ – වාසනාවන්ත සතියකි
සඳු ගමන් ගන්නේ 10, 11, 12 සහ ලග්නය හරහාය. රැකියාව සම්බන්ධව මහත් උනන්දුවකින් කටයුතු කරන ඇවිදිලි වැඩි සතියක් වේ. ලාභ ප්‍රයෝජන අත්වේ. පාදවල වේදනා ඇතිවිය හැකි බැවින් ප්‍රතිකර්ම කර ගැනීමට උනන්දු වන්න. සතිය අවසානයේ සාමාජීය පිළිගැනීමට ලක්වන ඔබට බෙහෙවින් සතුටු විය හැකි තත්ත්වයක් උදා කරයි. අපල අවමවීමට කඨින පින්කම්වලට සහභාගි වන්න.
සුබ අංකය – 6/ සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා.
මිථුන – කීර්තිය ගෞරවය ලැබේ
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. ඔබගේ සිතෙහි පින් සිතුවිලි වර්ධනය වන දරුවන්ගේ කටයුතු පිළිබඳව සතුටු විය හැකි සතියක් උදාවෙනු ඇත. පූර්ව කර්ම බලය ඉස්මතු වෙයි. කීර්තිය ගෞරවය ලැබේ. දුර ගමනක් යෙදේ. අපල අවමවීමට කඨින පින්කම්වලට සහභාගි වන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස – සිකුරාදා.
කටක – ගෘහ ජීවිතය යහපත්
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට පුළුවන. ඉන් පසු දින කිහිපය යහපත් වේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙන රැකියාවේ කාර්යයන් හරිහැටි ඉටු කරන ලාභ ප්‍රයෝජන හිමිවන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායක වේ. සුළු අනතුරු ආදියට ඉඩකඩ ඇති බැවින් ගමන බිමන ප්‍රවේශමෙන් යන්න.
අපල අවමවීමට සුදු මල් පූජා කරන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාද.
සිංහ – රැකියා ව්‍යාපාර දියුණුව
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර දියුණුව. ලාභ ප්‍රයෝජන ඇති කීර්තිය, ප්‍රශංසාව හිමිකර දෙන සතියකි. සොයුරු සොයුරියන් පිළිබඳ සතුටුදායක ආරංචි කන වැකෙයි. යම් යම් ගැටලු මතුවිය හැකි නමුදු ඒවා දුරදිග නොයයි. අජීර්ණ ඇති විය හැකි බැවින් ආහාර ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවමවීමට දානමය කටයුතු, පරිත්‍යාගශීලි බවට යොමු වන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
කන්‍යා – යසස කීර්තිය පැතිරේ
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. සතුරන් මැඬපැවැත්විය හැකි ඔබගේ බලය ශක්තිය වර්ධනය වන සතියක් වන අතර යසස කීර්තිය පැතිරේ. සතියේ අග ඔබගේ කර්ම බලයද ඉස්මතු වන ආකාරයේ සතුට ගෙන දෙන අවස්ථා යෙදෙයි. සහජ දක්ෂතා මතු කෙරෙයි. ඒවායේ ජයග්‍රහණ හිමිවෙයි. අපල අවමවීමට නිවෙසෙහි බුදු පහන, පැන්බඳුන නොකඩවා තබන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
තුලා – අධ්‍යාපනික ප්‍රගතිය
සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතියක් පිළිබඳව ඔබට සතුට ගෙනදෙයි. අන්‍යයන්ගේ අමනාපකම් පිළිබඳව ඔබ ගණන් නොගනී. දක්ෂ අයුරින් වැඩකටයුතු කරන්නට පෙලඹේ. සාමාජීය පොදු වැඩවලට සහභාගිත්වය ගෙන දෙයි. අපල අවමවීමට අසරණ අයට උදව් උපකාර කරන්න.
සුබ අංකය – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – අඟහරුවාදා, බාදාදා.
වෘශ්චික – දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටුවේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෙදරදොර අඩුපාඩු පිළියෙල කර ගැනීම සහ අලංකාරත්වය පිළිබඳව දැඩි උනන්දුවක් උත්සාහයක් ඇතිවේ. දරුවන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනාවලට සුබවාදී තත්ත්වයක්. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. හවුලේ කරන ගනුදෙනුවලදී යම්කිසි රිදීමක් ඇති විය හැකිය. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 5, 7 /සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
ධනු – දියුණුව පිණිස උනන්දුව
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර උපකාර හිමිවන සහ ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ සතුටු විය හැකි වාතාවරණයක් පෙන්වයි. ගෙදර දොර කටයුතු පිළිබඳ උනන්දුව පවතී. නව නිවාස වෙනත් යහපත් බලාපොරොත්තුවලට සුබපල උදා කර දෙයි. රැකියාව සහ ගෘහ ජීවිතයේ සමබරතාවය රැකගෙන ජීවිතය යහපත්ව ගෙවයි. අපල අවමවීමට ධර්මය අසන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා.
මකර – අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ඔබගේ අඩුපාඩු සපුරා ගැනීමට ආර්ථිකය ශක්තිමත් වන සතියකි. පවුලේ දූ දරු මා පිය සොහොයුරු සබඳතා වැඩි දියුණු වේ. ගමන් බිමන්වලට සහභාගි වේ. දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවෙන ඔවුන්ගේ යහපත් අරමුණුවලට වැඩි ඉඩක් හිමිවන බව පෙනේ. අපල අවමවීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණය – නිල්/ සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
කුම්භ – අන්‍යයන්ගේ ආකර්ෂණය
සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබගේ ගුණගරුක බවට යහපත් කථා විලාසයට අන්‍යයන්ගේ ආකර්ෂණය හිමිවේ. දෙමවුපියන් සහෝදර පිරිස් සමඟ සතුට බෙදාහදා ගැනීමට ඉඩකඩ වෙන්වේ. සොයුරියක් පිළිබඳ දක්ෂතා පෙන්නුම් කරයි. අපල අවමවීමට රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
මීන – පවුලේ් දියුණුව
සඳු ගමන් ගන්නේ 12, ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය තරමක් ගැටලු කාරි විය හැකි නමුදු ඉන් පසු තත්ත්වය යහපත්ය. අතමිට මිල මුදල් ගැවසෙන පවුලේ දියුණුව වර්ධනය කෙරෙන දින කීපයකි. සිත් රිදීමක් මව සමග හෝ වෙනත් කිසියම් කෙනෙකු සමග ඇති විය හැකි බැවින් දුරදිග නොයන්න.
අපල අවමවීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්..