මේ කියන්න යන්නේ තවත් අමානුෂීය ඝාතනයක් ගැන ඇසෙන කතාවක්..
ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්.. අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹු – සැමි යුවළකට නාඳුනන දෙදෙනකු විසින් ඊයේ පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසනවා...
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ එච්.වයි. රන්ජන් හා ඔහුගේ බිරිය නාමල් මල්ලිකා යන අයයි.. මියගිය දෙපළ දරුවන් තිදෙනකුගේ මව්පියන් වන අතර, ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අය බව ද පොලීසිය සඳහන් කරනවා..
මොවුන් දෙදෙනා අම්බලන්ගොඩ සිට මාදම්පේ උස්මුදලාවේ පිහිටි තම නිෙවස දක්වා යතුරුපැදියෙන් යමින් සිටිය දී ඔවුන් පිටුපසින් ආ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලීසිය පවසනවා.. සැකකරුවන් මෙම ඝාතනය සඳහා ටී පනස්හය වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරනවා.. එසේම ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා...
මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් ඊයේ දහවල් ඌරාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ අසල්වැසියන්ට එරෙහිව ඔවුන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත් කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදීයි..
ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්..
මියගිය අඹු සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.. එමෙන්ම අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ...