අනේ මේ වගේ අනතුර ගැන ඔවුන් හීනෙකින් වත් හිතන්න නැතුව ඇති.. ඒත් දැන් ඒ සියල්ලම සිදුවෙලා අවසානයි..
වසර තුනක මතක ඉතිරි කරමින් අම්මා තාත්තා ළඟ හුරතලේට හැඳුන තවත් මලක් මිලින වෙලා.. මේ කියන්න ඒ ගැන ඇසෙන කණගාටුදායක පුවත..
මරදාන පොලිස් වසමේ දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජිප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු එම රථයට යට වීමෙන් ඊයේ (10) මිය ගොස් තිබෙනවා...
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 03ක දරුවෙක්..
පියා විසින් ජීප් රථය ගාල් කිරීම සඳහා රථය පිටු පසට ගැනීමේදී පිටුපස සිටි දරුවා එම රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි විමර්ශණයේදී අනාවරණය වී තිබෙන්නේ..
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..