Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
10
මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...

- මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

150 Views

මේ කියන්න යන්නේ අලුත් සතිය ඔබට කොහොමද කියලා...

මේෂ -විදෙස් ලැබීම්
හිතුමතයට කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. ළඟම හිතවතකුගේ සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. එහෙත් වගකීම් පැහැර හැරීමක් සිදුවිය හැකි බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි කාලයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. එමෙන්ම තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භයට අවස්ථාව සැලසෙන සතියකි.
අධ්‍යාපනය
වෙනදාට වඩා උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස්කර ගන්නා බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසීම් ඇති කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන සතියකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හිසේ ආබාධ, උගුර සම්බන්ධ ආබාධ, සෙම් අමාරු ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා

වෘෂභ -අමතර ලාභ
වෙනදාට වඩා වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා ආගම දහමට නැඹුරුතාවයක් දක්වයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. එහෙත් අවිවේකී බව හේතුවෙන් විනෝදය, සතුටට බාධා ඇති කරයි. උරුම හිමිකමක් පිළිබඳ ගැටලුකාරි බවක් මතුකරන සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට කරුණු සැලසේ. සේවක පක්ෂයේ අය සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විවිධ අත්හදා බැලීම්වලට යොමුවන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වන්න. වරින්වර ඇතිකරන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පරම්පරාගත රෝගයක් වැළඳීමට ඉඩ ඇති කාලයකි. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.
අය 06 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා

මිථුන -දුර ගමන්
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10,11 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයකි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. විවාහ සහකරු සහකාරිය අතර ඇතිව තිබූ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.
රැකියාව
තාක්ෂණික අංශයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට මෙන්ම ආහාරපාන, බේත් හේත් කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි .අලුත් ව්‍යාපාරයකට අතගසන කාලයකි. රැකියා ස්ථානය තුළ පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි.
අධ්‍යාපනය
නව දැනුම සොයා යන මාර්ගවලට වෙහෙසෙන කාලයකි. ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුත්තකට අතගසයි. සාහිත්‍ය හා කලා අංශයෙන් විවිධ සම්මාන සහතික හිමිකරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමකට සිදු වෙයි. නිතර හට ගන්නා උගුර ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇති කරයි. ඖෂධ ගැනීමේදී කල්පනාකාරිවන්න.
අය 05 වැය 04
ජය අංකය - 03
ජය වර්ණය - දම්
සුබ දවස - බදාදා

කටක -අතමිට සරු වේ
පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පියපස ඥාතියකු සමඟ ඇතිකරගත් ගැටලුකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විවාහ යෝජනාවක් ප්‍රමාද කරන හෝ බාධා ඇති කරන කාලයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පාඩු සිදු කරයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණූු පෙනේ. විවේකය අඩුකරන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ස්වයං රැකියාවකින් අතමිට සරුකරන බවක් පෙනේ.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. පොතපත කියවීමට ආශාවක් දක්වයි. එමෙන්ම කලාකාමී කටයුතුවලට යොමුවන කාලයකි. උසස් අධ්‍යාපනයකට වරින්වර බාධා යෙදුණත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. දරුපල සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 05 වැය 03
ජය අංකය - 02
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ -වගකීම් බහුල වෙයි
අලුත් අදහස් ක්‍රියාවට නැංවීමට සුදුසු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සහෝදර මතභේදයක් මඟහැරී යන කාලයකි. ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. විවාහය සම්බන්ධ පැවැති ගැටලුකාරි බවකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කර ගැනීමට හැකිවන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අසහනකාරි බවක් ඇති කරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසකට හිමිකම් ඇති බවක් පෙනේ. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකය. රැකියාවේ කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපනික කටයුතු කරගෙන යන බවක් පෙන්වයි.
ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනයට යොමුවන කාලයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් අමතර මුදලක් සහ කාලයක් වැය කරයි.
සෞඛ්‍යය
කොන්ද ආශ්‍රිත හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. වරින්වර වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවේ. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.
අය 07 වැය 03
ජය අංකය - 07
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා

කන්‍යා -අඹුසැමි සහයෝගය වැඩේ
අමතර වියදම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7,8 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති සතියකි. සහෝදරයකු සමඟ පැවැති සිත් අමනාපයක් මඟහැරී යයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. වගකීම් බහුලවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අඹුසැමි සහයෝගයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
රැකියාව
ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට යොමුවන සතියකි. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවකින් කරගෙන යන බවක් පෙනේ. ප්‍රමාදවූ රැකියා බලාපොරොත්තුවක් ඉටුකරයි. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
අධ්‍යාපනය
උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතුවලට මෙතෙක් පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි. ධාරන ශක්තිය වැඩි දියුණුකරන කටයුතු කීපයක් යෙදේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට බාධා ඇතිකරයි. වරින්වර ඇති කරන සෙම් රෝගී තත්ත්වයකින් පීඩා අත්කරයි. පාදයේ වළලුකර ආශ්‍රිත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 03
ජය අංකය - 03
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

තුලා -රැකියාවට සුබයි
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වරින්වර එදිනෙදා කටයුතුවලට බාධා ඇති කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි කාලයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර පුණ්‍ය කටයුතුවල නිරතවන බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයට හේතු ඇතිකරන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ ඉදිරි දියුණුව පිළිබඳ විශේෂ සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා මතුවිය හැකි කාලයකි. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලේ විෂවීමක් හේතුවෙන් චර්මගත ආබාධයක් මතුවිය හැකියි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් නිසා යොදාගත් කටයුතු කීපයක් වෙනස් කරයි.
අය 06 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා

වෘශ්චික-පිනට දහමට යොමුවේ
හදිසි තීරණ ගැනීමෙන් අවාසිදායක තත්ත්වයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා දුර ගමන් බහුල කාලයකි. ළඟම හිතවකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එමෙන්ම අණදෙන ක්ෂේත්‍රයේ, පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගනී. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන සතියකි.
සෞඛ්‍යය
ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පාදයේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සැලසුමක් ඇති කර ගනී.
අය 08 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - බදාදා

ධනු-ගැටලුවකින් නිදහස්
තීන්දු තීරණ ගැනීමේදි දුරදිග සිතා බැලිය යුතු කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසේ. ගේ දොර අඩුපාඩු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවන සතියකි. පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. උරුම හිමිකමක් පිළිබඳ ගැටලුවකින් නිදහස සැලසේ.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වීමට අදහසක් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුලවන කාලයකි.
අධ්‍යාපනය
ඉගෙනීමට දක්ෂය. බාධා මැඬගෙන ඉදිරියට යන බවක් පෙනේ. කලා අංශයට ප්‍රියකරන කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට යොමුවන කාලයකි. ගුරුභවතුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.
සෞඛ්‍යය
සෙම් දෝෂ, පපුවේ අමාරු වරින්වර මතුවීමට ඉඩ තිබේ. ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගනී. පැවැති අසනීප ගති මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම බෝනොවන රෝගවලින් ආරක්ෂාවීමට වග බලාගන්න.
අය 07 වැය 05
ජය අංකය - 02
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - ඉරිදා

මකර-අවිවේකී බව මඟ හැරේ
දුරදිග බලා කටයුතු කළයුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට කටයුතු උදාකරයි. පවුලේ භෝජන සංග්‍රහයකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. වියදම් බහුල වුවත් සැලසුමකට වැඩකටයුතු කරගෙන යන බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයට කටයුතු උදාකරන සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන සිදුකරන රැකියා කටයුත්තකට අවස්ථාව සැලසේ. විදෙස් රැකියා බලාපොරොත්තුවකට සැලසුමක් ඇති කර ගනී. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැගීමට ඉඩ ඇත. එහෙත් උත්සාහය අත් නොහරින බවක් පෙනේ. ලිවීමට, කියවීමට කැමැත්තක් දක්වන කාලයකි. ගුරුදෙගුරුන්ගේ ප්‍රසාදයට ලක්වේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවන කාලයකි.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල ආශ්‍රිත ආබාධ, අර්ශස් අමාරු ආදිය ඇතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා තමා ගන්නා ඖෂධ ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය පරීක්ෂණවලටද ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ.
අය 07 වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා

කුම්භ-තරග විභාග ජය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන කාලයකි. දුර බැහැර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරගන්නා බවක් පෙනේ. ආගම දහමට භක්තිය විශ්වාසය ඇති කරයි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවට අමතර ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදාකරයි. රැකියාවේ කටයුතු උදෙසා දුරබැහැර ප්‍රදේශයකට යෑමට සිදුවේ. එමෙන්ම අණ දෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් විවිධ දක්ෂතා මතුකරයි. එමෙන්ම තරග විභාගයකින් ජයග්‍රහණ ඇතිකරන බවක්ද පෙන්නුම් කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු සැලසේ.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම පාදයේ ආබාධයක් හේතුවෙන් ද ප්‍රතිකාර පතන කාලයකි. ආහාර පාන පාලනය වැදගත්වන සතියකි.
අය 06 වැය 04
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - ඉරිදා

මීන-සතුරු කරදර නිමාවෙයි
ගතට සිතට සැනසිල්ල උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 , 2 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි. පැවැති ප්‍රේම සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරන බවක් පෙනේ.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ ලියකියවිලි ගැටලුවකට මුහුණපායි. දුර රැකියාවකට යොමුවීමට ඉඩ ඇත. සුළු සුළු ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත් කාලයකි. තරග විභාගයකින් ජය අත්කරයි. වෙනදාට වඩා උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. හදිසි ජයග්‍රහණවලට ද හේතු සැලසෙන සතියකි.
සෞඛ්‍යය
සෙම් දෝෂ බහුලවීමෙන් පපුව, පෙනහැල්ල ආශ්‍රිත අමාරු, හිසේ ආබාධ ආදිය මතුවිය හැකියි. නිතර හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවේ. අධි රුධිර පීඩනය කෙරෙහිද සැලකිලිමත් වන්න. කය වෙහෙසා කරන කටයුතුවලින් ඈත්වී සිටීම යහපත් කරයි.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top