දැනට දිනපතා සිදු කරන ව්‍යායාමයන් විනාඩි පහක කාලයකින් දීර්ඝ කර ගැනීමෙන් අධි රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි බව ලන්ඩන් විශ්වවිද්‍යාල විදුහල හා සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
පර්යේෂකයන් විසින් පුද්ගලයන් 15,000ක දෙනා යොදාගෙන පැය 24ක කාලයක් පුරා ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් හා රුධිර පීඩනය අතර පවතින සම්බන්ධතාවය නිරීක්ෂණය කර ඇති අතර එහිදී දිනකට සිදු කරන ව්‍යායාමයන් තවත් විනාඩි පහක පමණ කාලයක් දීර්ඝ කර ගනිමින් පඩි පෙළවල් නැගීම හෝ පාපැදි පැදීම සිදු කිරීම අධි රුධිර පීඩනය අඩු කර ගැනීමට ප්‍රමාණවත් බව අනාවරණය වී තිබේ.
බ්‍රිතාන්‍ය හෘද පදනම විසින් මෙම අධ්‍යයනය සඳහා අනුග්‍රහය දක්වා ඇත. මෙම අධ්‍යයනය සම්බන්ධ වාර්තාව ‘සර් කියුලේෂන්’ සඟරාවේ පළ කර තිබේ.
දැනට ලොව පුරා වැඩිහිටියන් බිලියන 1.28ක පිරිසක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති අතර එම රෝගය ලොව පුරා අඩු වයසින් මිය යෑමට ප්‍රධානතම හේතුව වී ඇති බව වෛද්‍යවරු පවසති.
අධි රුධිර පීඩනය හෘදයාබාධ, ආඝාතය, හෘදය වස්තුව අකර්මණ්‍ය වීම, වකුගඩු අකර්මණ්‍ය වීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවකටම හේතුකාරක වන බව වෛද්‍ය මතය වී තිබේ.