මුහුණ කෙතරම් පැහැපත් වුවත් බෙල්ල අවට අවපැහැ වීම බොහෝදෙනාට ගැටළුවක් වෙලා තිබෙනවා.
මේ ලිපියෙන් කියවෙන්නේ එම ගැටළුවට නිවසේදීම කල හැකි පහසු ප්රතිකර්ම කිහිපයක් ගැනයි.
01. ලෙමන් - සමේ අව පැහැ ගතිය මකා දමා සමට පැහැපත් බවක් මින් ලබාදිය හැකියි. දෙහි ලෙල්ලක් බෙල්ලෙ අතුල්ලා ගැනීමෙන් හෝ කැමැති නම් රෝස වතුර මුසුකර ආලේප කළ හැකියි.
02. පොල් තෙල් - සමේ නිරෝගී බවට පමණක් නොව පැහැපත් බවටද භාවිත කළ හැකි සත්කාරයක්. බෙල්ලෙ අවපැහැ ගැන්වීම්වලට මෙයද කදිම සත්කාරයක්.
03. පිපිඤ්ඤා - පිපිඤ්ඤා යුෂ ආලේප කිරීමෙන්ද සමේ අවපැහැ ගතිය ඉවත් කළ හැකිය.
04.රෝස වතුර - අවපැහැ වූ බෙල්ල රෝස වතුරින් සෝදන්න. රෝස වතුර සමඟ කහ කුඩු ස්වල්පයක් මිශ්රකර බෙල්ලේ ආලේප කර හොඳින් අතුල්ලා සෝදා හැරීමත් කළ හැකිය.
05. පැණි - සම පැහැපත් කිරීමට මෙයත් කදිම සත්කාරයක්.
06. කෝමාරිකා යුෂ - කෝමාරිකා යුෂද සමට සිසිල හා පැහැපත් බව ගෙනෙන ඖෂධීය සත්කාරයකි.
07.ලෙමන් හා පිපිඤ්ඤා - ලෙමන් හා පිපිඤ්ඤා යන්න ස්වාභාවික පිරිසුදු කාරකයන්ය. මේවා තලෙළු සමට ගැල්වීමෙන් පැහැපත් බවක් ලබාගත හැකියි. 08
08. මී පැණි හා ලෙමන් - මේවා මිශ්රකර බෙල්ලෙ ආලේප කර පැහැපත් බවක් ලබා ගන්න.
09. හාල් සේදු ජලය - හාල් සෝදාගත් ජලය ඉවත් නොකර බෙල්ලෙ ආලේප කර අවපැහැ වූ සමට සත්කාරයක් ලෙස භාවිත කරන්න.
10. අල යුෂ - අල යුෂ, බටර් හා ලෙමන් බින්දු කිහිපයක් මුසුකර සාදා ගන්නා ආලේපය, අවපැහැ බෙල්ලට කදිම සත්කාරයක්
11. රෝබෙරි හා ගස්ලබු - මෙම මිශ්ණයද බෙල්ලට සුදුසු සත්කාරයක්.
12. විනාකිරි - විනාකිරි කොටස් 1ට ජලය කොටස් 2ක් මිශ්රකර එම ජලයෙන් සෝදා හැරීමෙන් වඩා සාර්ථක ප්රතිඵල ලබා ගන්න.
13.අන්නාසි හා කෙසෙල් - මේ මෘදු හා පැහැපත් බවට අන්නාසි හා කෙසෙල් කදිම ආලේපයක්.
14. ඔලිව් තෙල් - ඔලිව්තෙල්වල අඩංගු පෝෂණය නිසා සම පැහැපත් කිරීමේ ගුණයද එය සතුයි.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්