ආදරය කියන්නේ ඇත්තටම කොලේක අත්සන් කරලා, රටටම පේන්න ජයට මගුල් කන එක නෙවෙයි කියලා ගොඩක් වෙලාවට සමාජයේ ඇතමුන් කියනවා අපි අහලා තියනවා..
කොහොම වුණත් සැබෑ ආදරය ඇතුලේ තේරුම් ගැනීම , විශ්වාසය අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන.. කොහොම වුණත් මේ කියන්න යන්නේ අමුතු තාලයකට සිදුවුණ විවාහ උත්සවයක් ගැන කතාවක්..
සිය ආයතනයේ ප්‍රධානියා නිවාඩු ලබා නොදීම හේතුවේන් වීඩියෝ ඇමතුමක් ඔස්සේ සිදු වූ විවාහයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..
බිලාස්පූර් හි පදිංචි අද්නාන් මුහම්මද් නම් මෙම පුද්ගලයාගේ විවාහ උත්සවයට තුර්කියේ ඔහු සේවය කරන සමාගම ඔහුට නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස පැවැත් වූ බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ..
එමෙන්ම මනාලියගේ රෝගී සීයා ඇයට ඉක්මනින් විවාහ වන ලෙස බලකර සිටීමත් මෙයට හේතු වූ බවයි පැවසෙන්නේ.. මෙම යුවළ වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධ වූ අතර qazi වරයෙකු "qubool hai" යනුවෙන් තුන් වරක් කියමින් චාරිත්‍ර ඉටු කර තිබෙනවා..
දැරියගේ මාමා වන අක්රම් මොහොමඩ් පැවසුවේ දියුණු තාක්ෂණය නිසා පමණක් විවාහ මංගල්‍යය කළ හැකි වූ බවයි...