මහමග සිදුවන අනතුරු ගැන ලැබෙන ආරංචි නම් එතරම් හොඳ ආරංචි නෙමෙයි.
ඒත් මාර්ග නීතීරීති නිසි ලෙස අනුගමන කළොත් ඒ වගේ අනතුරු , සිදුවීම අවම කරගන්න හැකිවෙනවා.
මේ කියන්න හදන්නේ ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව - බද්දේගම ප්රවේශ අතර සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් ගැනයි. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ අලුයම් කාලයේදී කියලා තමයි පොලිසිය සඳහන් කළේ.
අනතුරට ලක්වෙලා තියෙන්නේ අධිශීත ලොරි රථයක්. පින්නදූව - බද්දේගම ප්රවේශ අතර මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරූවෙ 83.9 වෙනි කිලෝමීටර් කණුව අසල දී මෙම අවාසනාවන්ත අනතුර සිදුවුණා.
මෙම ලොරි රථයට වේගය පාලනය කරගන්න බැරිව අධික වේගයෙන් ඇවිත් මාර්ගයේ ආරක්ෂිත වැටත් කඩාගෙන පෙරළි ගිහින්... මේ අනතුරින් ලොරි රථයට දැඩිසේ හානි සිදුවෙලා. තුවාල ලැබු ලොරි රථයේ රියැදුරාව කඩිනමින් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා.
මේ වගේ මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙනවා වගේම තමයි, සමහර අවස්ථාවල ජිවිත හානී පවා සිදුවෙනවා අපිට දකින්න ලැබෙනවා. මාර්ග නීතී රීති නිසිලෙස පිළිපදින්න කියලා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අපිට ආයේ ආයේමත් මතක් කරලා දෙනවා.