ලංකාවේ වනජිවීන් අතරින් අලි ඇත්තුන්ට හිමිවෙන්නේ විශේෂ තැනක්.. මේ කියන්න හදන්නේනම් අලිඇතුන්ට ආදරය කටන ඔබට දුක හිතෙන කතාවක්..
ඒ මිය ගිය අහිංසක අලි පැටියෙක් ගැනයි..
නිවසක් ආසන්නයේ මිය ගොස් සිටි වයස අවුරුදු 10ක පමණ වන අලි පැටවකුගේ සිරුරක් අනුරාධපුර රඹෑව - තරණගොල්ල ප්‍රදේශයේ දී හමුවී තිබෙනවාලු...
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම වන අලි පැටවා මිය යන්නට ඇති බවටයි වන ජීවි නිලධාරීන් සැක කරන්නේ..
වන අලියකු මියගොස් සිටින බවට තොරතුරක් වනජිවී නිලධාරීන්ට ලැබුන බව තමයි ඔවුන් කියන්නේ, ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක වුණු වන ජීවි නිලධාරීන් විසින් මෙම අලි පැටියාගේ සිරුර සොයාගෙන තිබෙනවා..
පසුව අනුරාධපුර පණ්ඩුලගම - වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති ඇතුළු වනජීවි පශු වෛද්‍ය කණ්ඩායම මරණ පරීක්ෂණය සිදුකරපු බවට තමයි ආරංචි වෙන්නේ...
එහිදී අනාවරණය වුණු දුක හිතෙන දේ තමයි මෙම වන අලි පැටවා හක්කපටස් ආහාරයට ගැනීමෙන් දීර්ඝ කාලයක් ආහාර හා ජලය පානය කිරීමට නොහැකි වෙලා තිබෙනවා කියන එක... ඒ හේතුව නිසා මෙලෙස මරණය පත්ව වුණා කියලා තමා පශුවෛද්‍ය කණ්ඩායම කියන්නේ..
අලි මිනිස් ගැටුමේ තවත් අවාසනාවන්ත සිදුවීමක් කියලා තමයි කියන්න තියෙන්නේ.. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් නිදහසේ ජිවත් වෙන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න අවැසිම යුගයක් තමයි මේ.. එහෙම සිදුවුණොත් අහිංසක වන ජිවීන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙනවා..