මීට දින කිහිපයකට පෙර සිදුවුණු මේ පුවත ඇත්තෙන්ම බොහෝ දෙනාගේ හද කම්පා කළ පුවතක් වුණා..
ප්‍රසිද්ධ ගායකයෙකුගේ ජීවිතයට මේ වගේ ඉරණමක් අත්වුණේ ඇත්තටම ඔවුන් නිසාද..? මේ කියන්න යන්නේ අන්න ඒ කතාවේ තවත් ඔබ නොහිතූ පැත්තක් ගැනයි..
One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ පසුගියදා මියගිය ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ආර්ජන්ටිනා බලධාරීන් පවසා තිබෙනවා...
ඒ අනුව, ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් කටයුතු කර ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇති කිසිවකුගේ නම් සඳහන් කර නොමැති බවටයි වාර්තා සඳහන් කරන්නේ...
National Criminal and Correctional Prosecutor's කාර්යාලයට අනුව, ඔහු සමඟ ගිය එක් අයෙකුට මරණයෙන් පසු ලියම්ව අතහැර දැමීම සහ මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...
එමෙන්ම මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් හෝටල් සේවකයෙකුට සහ තවත් පුද්ගලයෙකුට ද චෝදනා එල්ල වී තිබෙනවා...
ඔහු මීට සති තුනකට පමණ පෙර (ඔක්. 16) ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි හෝටලයක තුන්වන මහලෙන් වැටී මිය ගියා...
එසේ වැටීමේදී ඔහුට අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය සිදුවී මරණය සිදු වී ඇති බව මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා..
ඔහුගේ දේහය ආර්ජන්ටිනාවේ රඳවා තබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති අතර, පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව සති තුනකට පසුවයි පසුගියදා (06) ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත දේහය ලබා දී ඇත්තේ...