මාස ගණනාවක් පුරා ඔහුගේ ඝාතනයේ සැකකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන්න ගොඩක් දෙනෙක් වෙහෙසුනා..
කෙසේ හෝ නීතිය ඉදිරියේ මේ සිද්ධියට චෝදනා ලැබූ පිරිස ගැන අදත් අලුත් කතාවක් අසන්න ලැබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක රැඳවුම් නියෝග ලබා සිටි සැකකරුවන් වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු 05 දෙනා සහ බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 15 දෙනා අද (07) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා..
එහිදී ඔවුන් ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර නියෝග කර ඇත්තේ..
මෙම සැකකරුවන් අතුරින් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සහ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය භාරයේ සිටි වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ලබන නඩු දිනයේ දී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ..