වාහනයක් ගන්න එක හැමෝගෙම වගේ සිහිනය.
ඒ සිහිනය කවදා ඉටු වෙයිද කියලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා.
යෝජිත වාහන ආනයන ක්‍රියාවලියේ පළමු අදියර යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව රජයේ ස්ථාවරය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය රජය වාහන ආනයනය සීමා කළ නමුත් ක්රමානුකූල ක්‍රියාවලියක් යටතේ වාහන ආනයනයට ඉඩ දිය යුතු බවට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විශ්වාස කරන බවයි.
පෙර ගිවිසුමකට අනුව අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබුණා.
පළමු අදියර සඳහා අවසරය ලබාදිය යුතු බව රජයේ මතය බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී යෝජිත වාහන ආනයන ක්‍රියාවලිය යටතේ වාහන ආනයනය ආරම්භ කරන බවයි සදහන් කර සිටියේ.
2021/2022 කොරෝනා වයිරස් වසංගතයේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාව වාහන ආනයනය තහනම් කළ අතර පසුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් එම තීරණය දිගටම සිදු වුයේ නැහැ.