ඉතින් අපේ සිරුරට අවශ්‍ය එම පෝෂ්‍ය පදාර්ථ නිසි පරිදි සිරුරට නොලැබුණහොත් අපට ගැටලු ගණනාවකටම මුහුණදීමට සිදුවන බව ඔබ අප හැමෝම දන්න කාරණාවක්නේ.
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ බහුතරයක් දෙනා අතර කතාබහට ලක්වන නමුත් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නොමැති කරුණක් ගැන සාකච්ඡා කරන්නයි.
ඔයත් බත් කාලා අත හෝදපු ගමන් තේ බොන කෙනෙක් ද?
ඔබ ආහාර ගත් ගමන් තේ පානය කලහොත් ආහාර වල ඇති ප්‍රෝටීන කොටස් දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම ශරීරයට යකඩ උරා ගැනීමටත් බාධා ඇති වෙන්න පුළුවන්.මොකද තේ වල ඇති සංඝටක වලට පුළුවන් අපේ ආහාර වල තියෙන පෝෂ්‍ය කොටස් උරා ගෙන එම පෝෂ්‍ය කොටස් අපේ රුධිරයට නොදී ඉන්න.
මේ නිසා කුඩා දරුවන්,ගර්භනී මව්වරුන් ආහාර ගැනීමෙන් පැයක් පමණ යන තුරු තේ පානය නොකල යුතුයි.
ඒ, ආහාර ගත් සැනින් තේ බීම මඟින් ශරීරයේ යකඩ අවශෝෂණය අඩු වන නිසා ඔබට යකඩ ඌනතාවය සහ රක්තහීනතාවය වැනි සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දීමට සිදු වනු ඇත.
ඒ අනුව ඔබ ආහාර ගැනීමෙන් පසු ඔබ පානය කල යුත්තේ ශරීරයේ ඇති උෂ්ණත්වයට අඩු නොවන උණුසුම් ජලය හෝ මද උණුසුම් ජලයයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්