කාලයෙන් කාලයට විවිධ ග්‍රහ පිහිටීම් එක්ක ඔබේ ජීවිතයට අත්වෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්..
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. හෙට සිට සමහරක් විට මේ වෙනස නිසා ඔබේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
ග්‍රහලොව මනමාලිය, සුකුමාලිය යන අන්වර්ත නාමයන්ගෙන් සමන් විත සිකුරු ග්‍රහයා 20204.11.07 වැනි දින පෙ.ව.3.33ට ගුරුට අයත් ධනු රාශිය තුළ ගෝචර වන අතර ඒ අනුව දින 26ක් හෙවත් 2024.12.03 දක්වා රැඳී සිටී. මේ අවස්ථාව වනවිට තත්කාල ලග්නය වශයෙන් කන්‍යා ලග්නයත්, මේෂ නවාංශකයත් උදාව පවතී. සිකුරු මෙහිදී සම රාශියකට යෑම යහපත් බවක් පෙන්නුම් කරයි. එහිදී හෝරාව වශයෙන් සඳු හෝරාව ද පුරසැටවක තිථිය ද කෞලවකරණය ද පවතී. මහ මැතිවරණය කට ළඟ තියා සිදු වන මෙම සිකුරු මාරුව නිසා කාන්තාවන්ට යහපත් බවක් පෙන්නුම් කරන අතරම කාන්තා හඬ, බලය ප්රබලව පෙන්නුම් කරයි. කාන්තා සභිකවරියන් විශාල ප්‍රමාණයක් පත්වන බවද පෙනේ. කලාකරුවන්ට ඉතා යහපත්ය. සමහර මන්ත්‍රීවරුන් අතර රෝග පීඩා ඇති වන බවක් ද පෙනේ. ප්‍රබල චරිත ගණනාවකගේ රහස් එළියට එන ග්‍රහ තත්ත්වයක් ද වේ. එසේම 2024.11.16න් පසු මෙතෙක් කලක් වක්‍ර චලිතයේ ගමන් කළ ශනි ග්‍රහයා යළි නිවෘත්ත වීම දූෂණ චෝදනාවලට ලක් වූ රාජ්‍ය නිලධාරීන්ට, දේශපාලඥයන්ට දැඩි දඬුවම් ලැබිය හැකි තත්ත්වයක් ද වේ. නොවැම්බර් 14 පවතින මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ප්‍රබල ජයක් හිමි වන බවද පෙනේ. ඒ අනුව සිකුරුගේ ග්‍රහ ගමන ලග්න 12ට බලපාන ආකාරය කෙසේ දැයි අපි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ භාග්‍යස්ථානගතව හෙවත් 9 වැන්න තුළදී ගෝචර වේ. පෙර පින මතු වන කාලයකි. නමුත් ලග්නාධිපති කුජ 4 වැන්නේ නීච වීම, 7 වන්නේ රවි නීච වීම මත වරින් වර ගැටලු ද ඇති වන බවක් ද පෙනේ.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වූ සිකුරු 8 වැන්න තුළ ගෝචර වේ. බාල සහෝදර සහෝදරියන් අතර ගැටලු ඇති කරයි. තමාගේ නමට හානි සිදු වන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්න තුළදී සිකුරු ගෝචර වේ. වෙනදාට වඩා ප්‍රසන්න බවක් ආකර්ෂණීය බවක් ඇති කරන අතරම යම් යම් ලැබීම් සහිත බවක් ද පෙනේ.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ බාධක ග්‍රහයකු ලෙසින් හැඳින්වෙන සිකුරු 6 වැන්න තුළ ගෝචර වේ. කරන කියන කටයුතුවල යම් යම් බාධක තත්ත්වයක් ඇති කරන අතරම තරමක් ආවේගශීලී ගති ද පෙන්නුම් කරයි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 3 වැන්නටත්, 10 වැන්නටත් අධිපති ග්‍රහයෙක් වන සිකුරු විද්‍යා ස්ථානයේ හෙවත් 5 වැන්න තුළදී ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් ප්‍රතිඵල උදා කරයි. ඔබ කලාකරුවෙක් නම් ඔබ අතින් යහපත් නිර්මාණ බිහි වන බවක් ද පෙනේ.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ 2 වැනි භාවයටත් 9 වැනි භාවයටත් අධිපති සිකුරු 4 වැනන් තුළදී ගෝචර වේ. ඔබට භූමිය සම්බන්ධ ගැටලු තිබුණ ද එම ගැටලු නිරාකරණය වන බවක් ද පෙනේ. මව් පාර්ශ්වයෙන් යම් ලැබීමක් ඇති කරයි.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් 3 වැනි භාවය තුළ සිකුරු ගෝචර වේ. ලේඛනමය කටයුතුවල නිරත වී සිටි අයෙක්නම් ඒ සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
වෘෂ්චික ලග්නය
වෘෂ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්නාධිපති වූ සිකුරු බාධක ග්‍රහයෙක් වූ සඳු සමග සංයෝගව ධනස්ථානගතව ගමන් ගෙන තිබුණි. ලැබීම්වලට යම් යම් බාධක ඇති කරන අතරම රැකියාව තුළදී ඔබට විරුද්ධව සතුරු කරදර ඇති විය හැකි දින කිහිපයකි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ දී ලග්නගතව සිකුරු ගෝචර වේ. මේ අවස්ථාව වනවිට 8 අධිපති සමග සංයෝග වීම මත ශීර්ෂ රෝග ඇති වීමට ඉඩ පවතී. අඹු සැමි ආරවුල් ද මෙම කාලය තුළ ප්රබලව පෙන්නුම් කරයි.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ 5 වැන්නටත්, 10 වැන්නටත් අධිපති සිකුරු 12 වැන්න තුළ ගෝචර වේ.
ඔබට රැකියාවේ ගැටලු ඇති කරයි. රෝහල් ගතවීම්, හදිසි අනතුරු තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබන දින කිහිපයකි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 4 වැන්නටත්, 9 වැන්නටත් අධිපති සිකුරු 11 වැනන් තුළදී ගෝචර වේ. ඔබට ඉඩකඩම් ආශ්රිත ගැටලු පැවතුණ ද එම ගැටලු නිරාකරණය වීමක් ද පෙනේ. ලැබීම් අතින් යහපත්වේ.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ කර්මස්ථාන ගතව හෙවත් 10 වැනන් තුළදී සිකුරු ගෝචර වේ. රැකියාවේ දියුණුව ඇති වන කාලයකි.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..