මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්..
අපි කොහේ ගිතත් හැම වෙලාවකම මූලිකත්වය දෙන්නේ දරුවන්ට වුණත් මේ කියන්න යන්නේ ඒ අවදානය ගිලිහී ගිය තවත් අවස්ථාවක් ගැන කතාවක්..
ඇත්තටම මේ පුංචි දරුවන්ට මෙහෙම කළේ කොහොමද කියන එකත් ප්රශ්නයක්..
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්රතික්ෂේප කළ රියදුරු සහ කොන්දොස්තරවරයෙකු වැඩ තහනමකට ලක්කළ බව කළුතර දිස්ත්රික් ප්රධාන ප්රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරනවා..
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව එම කාර්යාල ප්රකාශකයෙක් පවසා තිබුණා..
අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධනට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල්වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්රධාන ප්රාදේශීය කළමණාකරු කටයුතු කර තිබෙනවා..
එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තාවූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසුවා..
ඒ අනුව අද නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂක වරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර වරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වෙනවා..