මේ කියන්න යන්නේ තවත් අබිරහසක් ඉතුරු වුණ කතාවක්.. ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපරිකයෙක්.. මේ මරණය පිටුපස තව සැඟවුණ කතා මොන තරම් නම් තියෙන්න පුළුවන්ද..?
සියල්ලම අවසානයේ අබිරහසක් එක්කරමින් මේ ව්‍යාපාරිකයා දැන් ඔහුගේ ජීවිතය හැර ගිහින්.. මේ ඒ ගැන පොළොන්නරුවෙන් ඇසෙන කතාවයි.. පොළොන්නරුව, මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා...
මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සිට නිවසට කාර් රථයෙන් පැමිණි අවස්ථාවේදී බවයි වාර්තා වෙන්නේ.. එසේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ මුස්ලිම් කොලණිය, කඳුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා බිම වැටී සිට ඔහුගේ පුතා විසින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවට තොරතුරුක් ලැබුණ බවයි..
කෙසේ වෙතත්, පොලිසිය කළ මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මිය ගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහුගේ වාහනය පණ ගන්වා තිබියදීම කිසියම් ආකාරයක තුවාලයක් සිදුව ඇති බවත්, ඉන් විශාල ලෙස ලේ වැගිරීමක් සිදුව ඇති බවයි..
ඒ තුවාල සහිතවම ඔහු එම ස්ථානයේ වැටී සිට ඇති බවටත් තොරතුරු අනාවරණ වී තිබුණා.. කෙසේ හෝ මෙම සිද්ධියට හේතුව කුමක්ද..? එය පහරදීමක් ද නැතිනම් වෙනත්තු හේතුවක් ඒ පිටුපස ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනය සිදු කරන බවයි පොළොන්නරුව පොලිසිය පවසන්නේ...