එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මාධ්‍ය නාලිකාවක් විසින් සිදුකරන අසමසම මහා පුණ්‍යෝත්සවය ''හිරු සංසාර වන්දනා'' කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ කටයුතු අද සිට ආරම්භ වුණා.
සිරිලක බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා චිරාගත සම්ප්‍රදායානුකූලව සියලු වත්පිළිවෙත් පුරා හිරු පුරණ සම්මා පාරමිතාව ''හිරු සංසාර වන්දනා'' කඨින මහා පිංකම බැති සිතින් මෙවර සිදු කෙරෙන්නේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්.
වන්දනීය කඨින චීවරය සුවහසක් බැතිබර සැදැහැවතුන්ට වැදපුදා ගැනීමේ අවස්ථාව ලබාදෙමින් ලක් ඉතිහාසයේ පළමු වතාවට සිදුකරන දීර්ඝතම වීදි සංචාරය අද උදෑසන කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මාධ්‍ය නාලිකාවක් විසින් සිදුකරන මෙම අසදෘශ්‍ය පුණ්‍යෝත්සවය සිදු කෙරෙන්නේ මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට අප්‍රමාදීව සිය සැදැහැති දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
ඒ අනුව, සියලු වත් පිළිවෙත් පුරා බැතිසිතින් සකස් කළ වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර බොදු බැතිමතුන්ට වැදපුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් කතරගම කිරිවෙහෙර පුද බිමේ සිට බත්තරමුල්ල - පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණය තෙක් වීදි සංචාරය කිරීමට නියමිතයි.
මෙවැනි කටයුත්තක් සිදු වන්නේ, ලක් ඉතිහාසයේ පළමු වතාවටයි.
ඒ වන්දනීය වීදි සංචාරය අතරතුර බැතිබර සැදැහැවත් ඔබට බුත්තල - වැල්ලවාය - තණමල්විල - උඩවලව - කහවත්ත - පැල්මඩුල්ල - රත්නපුර - ඇහැළියගොඩ - අවිස්සාවේල්ල - හංවැල්ල සහ කඩුවෙල යන ස්ථානවලදී කඨින චීවරය වන්දනාමාන කරගත හැකියි.
එමෙන්ම හෙට උදෑසන 10.00 සිට දහවල් 12 දක්වා හිරු සංසාර වන්දනා වන්දනීය කඨින චීවරය මහජනතාවට වැදපුදා ගැනීමට පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදී අවස්ථාව හිමිවනවා.
අනතුරුව වන්දනීය කඨින චීවරය පස්වරු 3.00ට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ හිරු ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවනු ලබනවා.
පසුව ලබන 9 වැනිදා උදෑසන 6.00ට යළිත් වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර කතරගම දක්වා ගම්න් කිරීමට නියමිතයි.
එදින රාත්‍රී 7 සිට කතරගම ප්‍රධාන බස් නැවතුම් පොළේ සකසා ඇති විශේෂ වන්දනීය මණ්ඩපයේ වන්දනීය කඨින චීවරය තැන්පත් කෙරෙන අතර බැතිබර සැදැහැවතුන්ට එහිදී වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා.
හිරු සංසාර වන්දනා කතරගම කිරිවෙහෙර කඨින මහා පිංකමට සමගාමීව කතරගම පුදබිමේ එතෙක් මෙතෙක් සංවිධානය කෙරෙන 25,000කට අධික පිරිසක් වෙනුවෙන් දිවා රාත්‍රී සුවිසල්ම මහා දන්සැල හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව විවෘත කිරීමට නියමිතයි.
රුපියල් ලක්ෂ 150කට අධික පිරිවැයක් දරා කිරිවෙහෙර පුදබිමේ විදුලි ආලෝක අවශ්‍යතාවය සදහා සූර්ය පැනල පද්ධතිය සසුනට පූජා කිරීමේ පුණ්‍ය කර්මය ද පස්වරුවේ සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
එමෙන්ම කතරගම පුදබිමම එදිනට ෂඩ් වර්ණයෙන් ඒකාලෝකවත් කිරීමට නියමිතයි.
එදින රාත්‍රියේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ඬායනයෙන් අනතුරුව ලබන 10 වැනිදා අලුයම 4ට කතරගම මහසෙන් මංසන්ධියේ සිට කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානය දක්වා කඨින චීවරය වැඩමවීම, අලි ඇතුන් ඇතුලු සංස්කෘතික අංග රැසකින් යුත් පෙරහර චාරිත්‍රයකින් සිදු කිරීමට නියමිතයි.
අනතුරුව එදින උදෑසන 6.00ට හිරු සංසාර වන්දනා වන්දනීය කඨින චීවරය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පූජා කිරීම සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මීට සමගාමීව කිරිවෙහෙර පුද බිමට බැති සිතින් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට උදෑසන 6.30 සිට කිරි ආහාර මහා දන්සැල සිදු කෙරෙනවා.
හිරු සංසාර වන්දනා කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරස්ථාන වාර්ෂික කඨින මහා පුණ්‍යකර්මයේ දහවල් දානය ශ්‍රී ලංකාවේ සුප්‍රකට තරු පහේ සූපවේදීන් සිය ගණනක් විසින් සකසා බැතිසිත් පෙරදැරිව පිරිනැමෙන්නේ 600ක් මහ සඟරුවන උදෙසායි.
හිරු සංසාර වන්දනා කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ කඨින පිංකමේ කඨිනාසංස ධර්ම දේශනාව සඳහා එදින පස්වරු 5.00 සිට සැදැහැවත් ඔබට එක්විය හැකියි.