මේ කියන්න යන්නේ කිසිවෙකුත් නොසිතන වෙලාවක සිදුවූ තවත් දරුණු අනතුරක් ගැන කතාවක්..
පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව ඇති බවයි..
කොස්ගම, ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේවත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථයක් ඇලේ තිබු සැඩ පහර හේතුවෙන් ගසාගොස් තිබෙනවා..
පොලිසිය කළ මුළික විමර්ශනවලදී හෙළිව ඇත්තේ රබුකේවත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථය මිටර් 50 ක් පමණ ගසාගෙන ගොස් ඇති බවයි..
එම සිද්ධිය වු අවස්ථාවේ කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ගමන් කර තිබෙනවා..
දියේ ගිලීමෙන් කැබ් රථයේ රියදුරු සහ එහි හිමිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා..
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 27 සහ වයස අවුරුදු 69 වයස්වල පසුවන බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්රදේශවල පදිංචිකරුවන් වේ..
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි..