නින්දෙදි කෙල ස්රාවය වීම ඔබ යහපත් සෞඛ්‍යය තත්වයේ පසුවෙන බවට ඉඟියක් කියලා ඔබ දන්නවාද ?
ගොඩක් අය කියයි අපෝ හරිම අප්‍රසන්න දෙයක්නෙ කියලා . ඒත් එයින් කියවෙන්නෙ ඔබේ ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය යහපත් බවයි.
කෙල කියන්නෙ අප්‍රසන්න දෙයක් කියලා සැලකුවාට එය අපගේ මුඛය තුළදී විශාල කාර්යයභාරයක් ඉටු කරනවා.ඛේටය නැත්නම් කෙළ කියන්නෙ ජලය ,ශ්ලේෂ්මල, ස්වාරක්ශක ද්‍රව්‍ය , එන්සයිම, අකාබනික අයණ , ප්‍රති ක්ෂුද්‍රජීවි ද්‍රව්‍ය වගේ සංඝටක අඩංගු ස්‍රාවයක් .
මේවා මඟින්,
- ආහරය හොඳින් ඛේටය සමඟ මිශ්‍රකර ගිලීම පහසු කිරීම
- මුඛයට ඇතුලු වන ක්ෂුද්රජීවින් විනාශ කරමින් මුඛය ආරක්ශා කිරීම .
- අම්ල උදාසීනකරණය මඟින් දත්දිරා යාම වැලැක්වීම.
- මුඛය පිරිසිදුව තබා ගැනීම.
- ඒ වගේම ආහාර ජීරණයේදි සරල කාබෝහයිඩ්රේට් වර්ග වලින් 30%-50%අතර ප්‍රමාණයක් මුඛය තුළදීම ජීරණය වීමත් ඛේටය මඟින් සිදුකරනවා.
මුඛය තුළට ඛේටය නැත්නම් කෙල ස්රාවය වන්නේ ඛේට ග්‍රන්ථි යුගල තුනක් මඟින්.රාත්‍රී කාලයේදි නින්දට වැටීමත් සමඟ ප්‍රධාන ඛේට ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.
රාත්‍රී කාලයේදි මුඛයේ තෙතමනය පවත්වා ගැනීමෙ වගකීම භාරවෙන්නෙ ඉදිරිපස තියන කුඩා ඛේට ග්‍රන්ථිය මඟින් .එම ග්‍රන්ථිය මඟින් ස්රාවය වෙන කෙළ මෙලෙස රාත්‍රියේදි මුඛයෙන් පිටතට පැමිණෙනවා.
මෙ විදිහට නින්දෙදි කෙළ පිටතට පැමිණෙනවා කියන්නෙ මොළය හොඳින් විවේක ගන්න බවයි.
එමඟින් අපේ ඇසේ කළු ඉංගිරියාව වේගයෙන් චලනය වීමට පටන් ගන්නවා.
මෙය වේගයෙන් ඇස් චලනය වන නින්ද යන අදහසින් Rapid eye moment කියලා හඳුන්වනවා.
මෙලෙස ඉදිරිපස ඛේට ග්‍රන්ථිය ක්‍රියාත්මක වෙලා අනිත් ඛේට ග්‍රන්ථි අඩපණ වීමෙන් කියවෙන්නෙ අපේ මොළය වගේම ශරීරයත් විවේක ගැන්වෙන බවයි.
දවස පුරා විවිධ කාරයන්වල නිරත වීම නිසා වෙහෙසට පත්වෙන මොළයට සහ ශරීරයට විවේකයක් අවශ්‍යමයි.එයින් මොළයත් ශරීරයත් refresh වෙනවා.
කිසිම මැලි කමක් නොමැතිව අපිට ආපහු පසුදින සිට උද්යෝගයකින් අපේ වැඩටික කරගෙන යන්න පුළුවන් .ඒ වගේම සුවදායි නින්දක්ද ලැබෙනවා.අන්න ඒ නිසයි අවම පැය හයකවත් නින්ද අවශ්‍ය බව වෛද්‍යවරුන් විසින් අනුමත කරන්නෙ.
මේ විදිහට කෙල පෙරීමට නම් අපේ ශරීරයේ හොඳ ජල මට්ටමක් තිබිය යුතුයි . ඒ කියන්නෙ මෙ විදිහට කෙල පෙරීම මඟින් අපේ ශරීරයේ නිසි ජල ප්‍රමාණයක් තිබෙන බව කියන්න පුළුවන් . ශරීරය නිසි ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍ය සාධකක් බව අපි හැමෝම දන්නවනෙ.
ඉතින් කෙළ පෙරීමට ගොඩක් අය අකමැති උනත් එයින් කියවෙන්නෙ ඔබ යහපත් සෞඛ්‍යය තත්වයේ පසුවෙන බවයි .
(තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )
උපුටාගැනීමකි