අකාලයේ මල්, ගෙඩි ආදිය හට ගැන්වීම මෙන් විශ්මිත විස්තර ද, අනෙකුත් සියලුම විස්තර ද වාස්තු තුළ දක්වා ඇති අතර, කිසියම් නිවසක සිට නැගෙනහිර දිසාවේ ගස් සිටු වන විට එම ගස්වල සෙවණැල්ල උදය කාලයේ 7 සිට 8 අතර කාලයේ නිවසට වැටීම අසුබය. අනෙකුත් දිසාවන් තුළ වවන ගස්වල ද අතු ගේ මිදුලට තිබීම සුදුසු නොවේ. නිවසට හොඳින් වාතය සහ ආලෝකය ලැබිය යුතුය.
නුග, ඇසතු, බෝ ආදිය නිවෙසට ඈතින් නැඟෙනහිර, ගිනිකොන, දකුණ අතරටද සුබයි. ඉඹුල් අත්තික්කා, කටු සහිත ගස් හා පතොක් වැනි ගස් වැවීම මරණ බිය හා සිත්තැවුල් පීඩා බවට ලක්වීමටද ගෘහ හිමියාට විපත් හා සතුරු බලවේග ඇති වීමට හේතුයි.
සඳුන්, බෙලි, දොඹ, අඟිල්, මූනමල්, කුඹුක් ආදිය ද අඹ, කොස් වැනි දෑ ඉඩ ඇති පරිදි ඈතින්ද දෙළුම්, සාදික්කා, කරාබු, මී, වදකහ, ඉඟුරු, බුලත්, කටරොළු, ඖෂධ වර්ගද සුබ බවත් පිළිවෙළකට වගා කළ යුතු අතර සෞභාග්‍යයට හා නීරෝගි බවට උපයෝගි වෙයි.
සතුටින් හා නීරෝගිව ජීවත්වීම කෙනෙකු ලබන උසස්ම ධනයයි. තමාගේ නිවෙස තමාට විමානයකි. ඒ දිව්‍ය විමානය නම්, එහි ඇති බාධක කරදර නැත්තේ නොවේ. ඒවා මඟහරවාගෙන වාසය කිරීම තමා සතුය. තමා සතු දේ ගැන අවබෝධයක්ද තිබිය යුතුය. තිබෙන ලැබෙන දේවල් ගැන දැනුවත්ව පරිහරණය කිරීමත් ගුණාත්මකය. ඉහත දක්වා ඇති දේ දන්නවාද විය හැකිය. කෙසේ වෙතත් මේවා ගැන සිතා බලා කටයුතු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.
අන්ධ වේද දෝෂය
නිවසට නිසි පරිදි ආලෝකය නොලැබීම හේතුවෙන් නිවැසියන්ගේ කාර්යසූරත්වය දුබල වේ. කේන්ති ගැනීම. වැඩ කටයුතු කල් තැබීම. අලස ගතිය, දිවා කාලය නිදා ගැනීම. හිරු උදාවට පෙර අවදි නොවීම ආදිය නිසා ජීවිතය අඳුර දකී.
පල බර පලතුරු
පළ බහුල ගස්, දරු මුණුබුරු පරම්පරාව විනාශ කරයි. දිවා කාලයේ පල බර පලතුරු ඇස පිනවන දසුනකි. රෑ කල එම පලතුරු ආහාරයට ගන්න පැමිණෙන නිශාචර සතුන් ගේ බිහිසුණු ශබ්ද, බිහිසුණු හඬ නගන සතුන් ගේ මධුසමය පවතින ස්වභාවයන් වන කල්හි ඇති වන ගෝරනාඩු බිහිසුණු හඬ රෑ කල පැතිරුම මූසල බව පාලු බව බිහිසුණු බව ඇති කරයි. එවන් අමිහිරි ශබ්ද වාස්තු දක්වන අයුරු අසුබය. එමෙන්ම ගෘහයට උඩින් අහසේ ඇතැම් නිශාචර සතුන් ගමන් කිරීම ද බිහිසුණු කාලයක පෙර නිමිත්තකි. ගෘහයකට ඇති වන සුබ අසුබ බලපෑම් සියල්ල ගෘහ මූලිකට යහපත අයහපත උදා කරයි.
උස ගස් සහ මිටි ගස්
නිවසේ උතුර හා නැගෙනහිරට උසෙන් අඩු ගස් වර්ග සුදුසුය. වාර්ෂික මාසික වගා කරන කෙටි කාලීන බව භෝග යොදා ගැනේ. නිවසේ උතුර හා නැගෙනහිර භූමිය සුද්ධ භූමිය යි. එබැවින් මෙම භූමිය තුල දාස්පෙතියා, දුටු සතුටු, ඊතණ ආදි ය ද, කිසියම් දුරකින් සුදු හඳුන්, රත් හඳුන්, මල් රුක් අත්තන ආදිය ද වැවීම සුදුසුය.
වෘක්ෂ දොෂ
මංගල දොර ඉදිරියේ රත් කෙසෙල්, කෝච්චි කෙසෙල්, ආනමාලු කෙසෙල්, ඇම්ඹුම්, කෙසෙල් ආදිය ද අයහපත් ය. සුවඳ නැති රතු පාට මල්, සුදු පාට මල් අසුබය. කලුවර, කළු තිඹිරියා, පස් බෝ ආදිය ද අසුබය. ගෘහ මූලික මංගල දොරෙන් ගමන් ගන්නා අවස්ථාවේ දෙපස කටු සහිත දෙහි දොඩම් ආදි ගස් නොතිබිය යුතුය. අලංකාරය සඳහා වවන පතොක් වර්ග ද රෝස මල් වර්ගද, බෝගන්විලා, සයිප්‍රස්, ඉන්දියන් විලා, පයිනස්, මුසන්ඩාස්, ඉද්ද, වතු සුද්ද ආදිය ද අවමංගල කටයුතු සඳහා භාවිතා කරන කොල සහ මල් නිවසේ මංගල දොර ඉදිරිපස මිදුලේ වැවීම අසුබය. නිවසේ මුදුන් යට ලීයට වඩා උසට වැවුන කතුරු මුරුංගා ගස් ඉතා අයහපත්ය. සේපාලිකා, කෑල, සියඹලා, හෙලකටරොළු, කොබෝ ලීල සියලු යහපත විනාශ වේ.
දැසමන්, බෝළිද්ද, මුරුංගා, යොහොඹු, කොද නිසා ආයුෂ බාලවේ. මිදි, දෙළුම්, කොසඹ, සමදාර හැර යාග හෝමයන්ට ගන්නා වෙනත් ගස් හරි මැද සුදුසු නොවේ ගෘහයේ දකුණු දිසාවට පළොල් ද, බටහිර දිසාවට නුග ද, නැගෙනහිර බෝද, උතුර දිසාවට අත්තික්කා ද අසුබ වේ. කිරි ගස්, තැඹිලි ගස්, කුන්දිරි ගස් මංගල දොර ඉදිරියෙන් නොවවන්නේය. ධන හානි වේ. ගොරක, කළුවර, රට ගොරක, කැබැල්ල, සාදික්කා අඳුරු ස්භාවය ඇති ගස් නිවස ආසන්නයට සුදුසු නැත. අමනුස්ස බලපෑම් ඇති වේ. වද මල්, අරලිය මල්, හාතාවාරිය වැනි වැල් වර්ග සහ මල් වර්ග ද නිවස ආසන්න යට සුදුසු නැත. අත්තන, ජයපාල, කනේරු, වල්ල, නියඟලා, බදුල්ල, ගොන්න, හික්, දලුක්, කිතුල්, බෝ, නුග, ඇහැටු, නා, වල් හබරල, හබ රස, නිදිකුම්බා, උදුපියලිය, අඩනහිරිය, ඉකිරිය, පෙති තෝර, කතුරු මුරුංගා ද නිවස ආසන්නයට සුදුසු නැත. නිවසේ දොර ජනේල යට බිත්තිවලට, වහලයට ස්පර්ශ වෙන පරිදි ගස් වැල් වැවීම සුදුසු නැත.
කටු ගස්, සතුරු බිය දේ.
කටු ගස් දොස සඳහා දොඹ, අශෝක, කොසඹ, මූණ මල්, කොස් සමදරා, සල්, එම ගස් තිබෙන දිසාවේ වවන්නේය.
යහපත් වෘක්ෂ
පුළිල උතුර දිසාවට ද, නුග නැගෙනහිර දිසාවට ද, උදුම්බරා දකුණ දිසාවට ද, අශ්වත්ථ බටහිරට යහපත් වේ. අස් ගොදු, කිඩාරම්, කෙසෙල්, ලප් නාරං, (සිදලං) අභිවෘද්ධියට නොපැමිණේ. බෙලි පදම, හෙල් මැලි, කොස්, පොල් නිතරම යහපත වේ. පුවක්, බෙලි, දොඹ, මාරා, අශෝක, මුණ මල් ශුභ ම ගෙන දේ. ජම්බු, කොලොම්, දිඹුල්, කුඹුක්, නාරාන්, මිදි, දෙල්, දෙළුම්, දොඩම්, කරඳ, මදටිය, කොස්, තිඹිරියා, කළුවර, ඇම්බරල්ලා, ජලය ඇසුරේ වවන්නේ ය.
අන්තර්ජාලය ඇසුරෙන්..