වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැති නිවසකට ප්‍රහාරයක් එල්ලකොට අඹුසැමි යුවළක් ඝාතනය කළ සිද්ධිය තවමත් බොහෝ දෙනාගේ මතකයේ පවතිනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවයි..
මීට වසර එකහමාරකට ඉහතදී වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේදී උපන් දින සාදයකට ප්‍රහාරයක් එල්ල කොට අඹුසැමි යුවළක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හය දෙනකුට චෝදනා එල්ල වී ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වසරකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගත කොට තිබුණා..
දැනට මෙම සැකකරුවන් ඇප මත නිදහස්ව සිටින අතර, ඔවුන්ට එරෙහි නඩු විභාගය වවුනියාව මහාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා..
වවුනියාවේ උපන් දින සාදයකදී සිදු කළ ද්විත්ව මිනිස් ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු හොර රහසේ කැනඩාවට පලා යෑමට සූදානමින් සිටින බවට තොරතුරක් වවුනියාව මහාධිකරණය වෙත ලැබීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයකට බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් පෙරේදා පොලිසියට නියෝග කර තිබෙනවා..
කෙසේ වෙතත්, විත්තිකරුවකු හොර රහසේම කැනඩාවට යෑමට ලිපි ලේඛන සකස් කරන බවට තොරතුරක් ලැබීමෙන් පසුව වවුනියාව මහාධිකරණයේ නීතිඥවරුන් පිරිසක් ඒ බව සොයා බැලීමේදී කාරණය සත්‍ය බවට සාධක ඉදිරිපත් වීමෙන් පසුව ඔවුන් එම තොරතුරු මහාධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා..
එම තොරතුරු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා කළ නියෝගයෙන් පසුව පොලිසිය අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන මහාධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මාස 3ක කාලයක් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණා..
දිනමිණ පුවත්පත ඇසුරෙන්..