අපි බොහෝ දෙනෙක් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සිදුකරනවා..
ෆෝන් එකේ බැට්රි බැස්සාම ඒක චාජ් කරන එක සාමාන්‍ය දෙයක් වුණත් ඒ නිසා අහිමිවුණ ජීවිතයක් ගැනයි මේ කියන්න යන්නේ..
මැලේසියානු තරුණයෙක් බස් රථයේ ජංගම දුරකථනය ආරෝපණය කරමින් සිටියදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
බස් රථයේ රියදුරු පවසන්නේ, තරුණයාට දරුණු ලෙස විදුලි සැර වැදී ඇති අතර, ඔහුගේ වම් අතේ ඇඟිලිවල පිළිස්සුම් සලකුණු දක්නට ලැබෙන බවයි..
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 18ක තරුණයෙක්..
නොවැම්බර් 1 වැනිදා ඔහු ක්වාලාලම්පූර් බලා යන සීඝ්‍රගාමී බස් රථයකට ගොඩවී ටික වේලාවකට පසු බටර්වර්ත් හි Penang Sentral බස් පර්යන්තයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා..
ඔහු තම දුරකථනය ආරෝපණය කිරීම සඳහා බස් සොකට් එකකට සම්බන්ධ කර ඇති අතර විනාඩි දහයකට පමණ පසු ඔහුගේ කෑගැසීම ඇසුණු මගීන්ට ඔහුගේ කටින් පෙණ දමනු දක්නට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
මෙම බිහිසුණු දර්ශනය දුටු සෙසු මගීන් වහා හදිසි සේවා ඇමතුම් ලබා ගත් අතර ඒ මොහොතේම හදිසි ප්රතිචාරකයින් එම ස්ථානයට පැමිණ තිබුණා.. කෙසේ වෙතත් ඒ වන විටත් වෛද්‍යවරුන් පවසා සිටියේ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි...
මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වී ඇත්තේ විදුලිසැර වැදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි..
ආරෝපණ කේබලය උණු වී ඇති අතර, දුරකථනය අධික ලෙස රත් වී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබුණේ...