මේ කතාව ආරංචි වෙන්නේ කතරගම ප්රදේශයෙන්. තමන් ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු හරක් දෙන්නෙක් නැති වෙලා.
මේ හරක් දෙන්නා ලක්ෂ හතර හමාරක් වටිනවා කියලා තමයි ඇය කියන්නේ.
කතරගම ලුණගම්වෙහෙර ප්රදේශයේ කුඩාගම්මාන පහ දකුණ ඉවුර ප්රදේශයේ පදිංචි තුෂාරි නිල්මිණි නමැති කාන්තාවක් තමා මේ පැමිණිල්ල , ලුණුගම්වෙහෙර පොලිසියට ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒ ලැබුණු පැමිණිල්ල මත ක්රියාත්මක වූ ලුණුගම්වෙහෙර පොලීසිය අදාළ ගවයන් දෙදෙනා සමග පුද්ගලයින් තිදෙනෙකු අත්තඩංගුවට අරගෙනලු. මේ අය වීරවිල , බඳගිරිය , ලුණුගම්වෙහෙර ප්රදේශ වල පදිංචි අයලු.
පුදුම වැඩේ කියන්නේ මේ අයව පරික්ෂා කරනකොට එක සැකකරුවෙක් ලඟ තිබිලා විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් තිබිලාලු. ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා කියලා තමයි ආරංචිය.