මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු අනතුරක් ගැන කතාවක්..
ඇත්තටම මේ බිහිසුණු අනතුරෙන් ඇය ඇගේ දිවිබේරාගන්න සමත් වෙන්නේ ඇත්තටම හාස්කමකින් වගේ..
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි කාන්තාවක් සමග මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි කාන්තාව තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත්න් කළ පුවතක් වාර්තා වෙනවා..
නොර්වුඩ් පොලිසිය පවසන්නේ, මෙම අනතුර සිදු වි ඇත්තේ අද දහවල් 12ට පමණ බවයි.. ඒ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේදියි..
ගැබිනි කාන්තාව සායන කටයුතු සදහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් විමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් ගැබිනි කාන්තාව ලොරි රථයේ අසුන් ගැනිමත් සමග ලොරි රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ..
රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්රියා නොකිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් මෙහිදී විමර්ශන සිදුකළ පොලිසිය පවසා තිබුණා..