ඇගේ බිරිඳ මෙහෙම ඝාතනය වෙන්න හේතුව මොකද්ද..? තවමත් ඒක ගැන ඇත්තේ සැකයක්..
අද අලුයම සිදුවූ ඇගේ මරණය ගැන ඇසෙන කතාවයි මේ.. ත්රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී කාන්තාවක් අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා..
එලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ හිමිකරුගේ බිරිඳ බවයි වාර්තා වෙන්නේ.. 63 හැවිරිදි ඇය රෝහල් තෙවන මහලේ නේවාසිකව රැදී සිට තිබෙනවා.. සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම් කාලයේදී ත්රිකුණාමලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මරණකාරිය විදෙස් ගතව සිට පැමිණි කාන්තාවක් බවයි දැක්වෙන්නේ..
මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇගේ සැමියාගේ සහෝදරයා විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.. ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා..
අත්අඩංගුවට ගත් සැකකරුද එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිට ඇති අතර, මෘත ශරීරය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, ත්රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා..