මේ පුදුම හිතෙන ආරංචිය ඇහෙන්නේ අගනුවරට ආසන්න ප්‍රසිද්ධ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයකින්...
අරුම පුදුම දොස්තර කෙනෙක්.
ලෙඩ්ඩුන්ගේ ජිවිත තඹේකට මායිම් නොකර ගත්තු තීරණයක් නිසා අහිංසක ලෙඩ්ඩු ගොඩාක් දෙනෙක්ගේ ජිවිත අවදානමේ දාපු හැටි ගැනයි මේ කතාව...
ඔහු විශේෂඥ දොස්තර කෙනෙක්ලු. දැඩිසත්කාර ඒකකය භාරව ඉදලා තියෙන්නේ ඔහු. ඒත් ඔහු සිය සෞඛ්‍ය තත්ත්වය යහපත් නෑ... ඒ හින්දා ඇවිදින්න යන්න අපහසුයි කියලා...
ආරංචියේ හැටියට ඒක බොරුවක්ලු... කොහොමහරි තම, දැඩි සත්කාර ඒකකයේ හිටිය ලෙඩ්ඩු ටිකව සාමාන්‍ය වාට්ටුවලට මාරු කරලා යවලා.
ඒ ලෙඩ්ඩු සාමාන්‍ය ලෙඩ්ඩු එහෙම නෙමේ. මෙහෙම හිතුවක්කාර තීරණ නිසා අපහසුතවයට පත්වෙන්නේ රටේ ජිවත් වෙන අහිංසක සාමාන්‍ය ජනතාව.
සමහර විට මේ වගේ සිදුවීම් නිසා ජිවිතෙ හානි පවා වෙන්න පුලුවන්.
මිහිපිට දෙව්වරු කියලා ගරු බුහුමන් ලබන දොස්තරමත්වරු මෙහෙම නොකර ඉන්නවානම් තමා හොද...