අපි කොයි කවුරුත් ලස්සනට ඉන්න හුගාක් කැමතියිනේ.. අද කියන්න හදන්නේ අඩුවෙන් ලස්සනට ඉන්න පුලුවන් පොල්කටු අඟුරු මාස්ක් එක ගැන.
මේක වටින්නේ ඔයාගේ මූනේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එවාගේම මුහුණේ තියෙන අනවශ්‍ය රෝම එහෙම තියෙන අයටයි, ඒ ගැන හැම වෙලේම දුක් වෙවී ඉන්න කට්ටියටයි..
අවශ්‍ය දේවල්
පොල්කට්ටක් පුච්චල ගත්ත අගුරු, තේ හැදි 2ක් (හොදට කුඩු වෙන්න ඕනේ පවුඩර් වගේ නම් තමා හොදම)
ජෙලටින් තේ හැදි 2ක්
උණු වතුර ටිකක් මේකෙන් තාමා මාස්ක් එක හොදට ඇලවෙන්නේ. ඒ නිසා ඕක අනිවාර්යයි.
සාදාගන්නා ආකාරය
උඩින් කියපු ඔක්කොම එකට දාලා හොදට මිශ්‍ර කරන්න.
උණු වතුර එක්ක ජෙලටින් හොදට දියවෙන්න ඔනේ හරිද? උකු පේස්ට් එන්න ඔනේ ඇලෙනසුලු ගතියක් තියෙනවා මේකේ.මිශ්‍රණය හමට තියාගන්න පුලුවන් ප්‍රමාණයට නිවෙන්න තියන්න. ඊට පස්සේ ඇස්වල,දෙතොල්වල නොගාවෙන්න මූනේ ගාගන්න. මාස්ක් එකක් විදියට.
Tips- මේක කරන්න ඔනේ සති 2කට වතාවක් හරි මාසෙකට වතාවක් හරි විතරයි‼️
මාස්ක් එක දාලා ඒක ගලවන්නේ (peel off) කරන්නේ නිකට පැත්තේ ඉදන් උඩට හරිද?
මේක ගලවල ඉවර වුනාම මූණ cool water වලින් සෝදන්න.
මූණ හෝදලා toner එකක් ගාන එක හොදයි.
wax කරන්න බය අය මේක කරන්නේ පරිස්සමෙන් මොකද මාස්ක් එක ගලවද්දි ටිකක් රිදෙනවා.(hair remove වෙන නිසා)
eye brows තියෙන හරියට මේ මාස්ක් එක වැදෙන්න දෙන්න වත් එපා.
කරලා බලන්න ඔයාට පිරිසිදු ලස්සන මූණක් ලැබේවී.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්