Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
04
මහත්තයා නින්දෙන් ගොරවනවා නම්, නෝනා මේක කියවන්න...

- මහත්තයා නින්දෙන් ගොරවනවා නම්, නෝනා මේක කියවන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,906 Views
නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයෙක් ඔයාට ඉන්නවානම් සුව නින්දක් කියන්නේ ඉතිං හීනයක් වගේ තමා... 


ඊට එහා පැත්තෙන් වැතිරිලා සුව නින්දක් බලාපොරොත්තු වෙන ඔබට නම් ඒ ගෙරවිලි සද්දෙ කොච්චර ලොකු කරදරයක්ද කියල අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ. කියවනකොටත් අපහසුයි වගේ නේද ?

හැබැයි, නින්දෙන් ගෙරවීම පිටිපස්සෙ තියෙන සෞඛ්‍ය ගැටළු ගැන හරිහැටි අවබෝධයක් ලබා ගත්තොත් නම්, නින්දෙන් ගෙරවීම ඔබේ නින්දට බාධාවක් පමණයි කියල ඔබ තවදුරටත් පොඩියට හිතන එකක් නෑ ...

ඇත්තටම නින්දෙන් ගෙරවීම කියන්නෙ මොකක්ද?

ගෙරවීම කියන්නෙ නිදාගෙන ඉන්නකොට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි.

වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් බොහොම පොදු තත්වයක් තමයි නින්දෙන් ගෙරවීම කියන්නෙ.

වයසින් වැඩිවෙත්ම නින්දෙන් ගෙරවීම වැඩිවෙන බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙනවා...

වරින් වර කාලෙන් කාලට නින්දෙන් ගෙරවීම ගැටළුවක් නෙමෙයි. ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත්, දීර්ඝකාලීනව පවතින නින්දෙන් ගෙරවීම ඔබේ සුවදායී නින්දට වගේම සමහර විට ඊට වැඩියෙන් ඔබේ සහකරුගේ නින්දට දැඩි බාධා ඇතිකරන්න වගේම ප්‍රතිකාර ගතයුතු රෝගී තත්වයන් ගැන ඔබට ඉඟි ලබාදීමකුත් කරනවා. ඒ නිසා මේ ගැන සොයා බැලීම වැදගත් නේද ?

දැන් අපි බලමු ගෙරවීම ඇතිවෙන්න හේතු මොනවද කියල?
 
ඔබේ මුඛය සහ නාසය හරහා වාතය ගමන් කිරීම අවහිර වූ විට ගෙරවීම ඇතිවෙනවා.

මේ විදිහට නාසය සහ මුඛය හරහා වාතය ගමන් කිරීමට බාධා ඇතිකරන කරුණු කීපයක් තියෙන්න පුළුවන්.
එවැනි හේතු ලෙස,
සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග, උණ වගේ අසනීප තත්වයන් නිසා ඇතිවෙන නාස් මාර්ගයේ අවහිරතා.
නාස් පුඬුව අනෙක් නාස් පුඬුවෙන් වෙන්කරන බිත්තියේ පිහිටීමේ උපතින්ම පිහිටන වෙනස්වීම්.
උගුරේ හා දිවේ මාංශපේශී ලිහිල් වී ස්වසන මාර්ගයේ අවහිරතා ඇති කිරීම.
අධික බර නිසා උගුරේ පටක විශාල වීම නිසා උගුරේ අතිවන අවහිර වීම්.
දිගු සහ මෘදු තල්ලක් පිහිටීම නිසා නාසය හා උගුර අතර මාර්ගය පටු වීම.
මත්ද්‍රව්‍ය භාවිතය නිසා ස්වසන මාර්ගයේ පේශී වල ඇතිවෙන ලිහිල් විම.
උඩු අතට නිදා ගැනීම.
නිසි පරිදි අවශ්‍ය නින්ද නොලැබීම නිසා උගුරේ මාංශපේශී වලට අවශ්‍ය විවේකය නොලැබී මාංශපේශී දුර්වල වීම සහ වෙහෙසට පත්වීම හඳුනාගන්න පුළුවන්.

දැන් අපි බලමු නින්දෙන් ගෙරවීම සඳහා තිබෙන ප්‍රතිකාර මොනවද කියල...

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ තත්වයන් සමඟ ඇතිවෙන කෙටි කාලීන නින්දෙන් ගෙරවීමේ තත්වයන් නම් ඒ ආසාදිත තත්වයන් සුව වූ පසු නවතිනව වුනත් දීර්ඝකාලීනව ඇතිවෙන නින්දෙන් ගෙරවීමේ තත්වයන් සඳහා නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා.

ඔබේ වෛද්‍යවරයා විසින් ඔබේ ස්වසන මාර්ගය අවහිර වීමට බලපෑ හේතු හඳුනාගැනීම සඳහා බාහිර ශාරීරික පරීක්ෂාවක් වගේම X – Ray, MRI හෝ CT Scan පරීක්ෂණ සිදුකරන්න ඔබට නිර්දේශ කිරීමක් කරන්නත් පුළුවන්.

ඒ වගේම සමහර විට නින්දේදී ඔබේ හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කරන polysomnography පරීක්ෂාවක් නිර්දේශ කරන්නත් පුළුවන්.

ජීවන රටාවේ වෙනස්කම්

උසට ගැළපෙන නියමිත ශරීර බර පවත්වා ගැනීම, දුම්බීමෙන් වැළකීම සහ නින්දට පෙර මත්පැන් පානයෙන් වැළකීම.

නිවැරදි ඉරියව් පවත්වා ගැනීම

උඩු අතට නිදා ගැනීමෙන් වැළකී පැත්තට හැරී හිස උස්කර තබා නිදාගැමීමෙන් ඔබේ ස්වසන මාර්ගය අවහිර නොවී පවත්වා ගන්න හැකියාව ලැබෙනවා.

Oral appliance භාවිතය

නිදාගන්නා විට ඔබේ දිව සහ හනු වල පිහිටීම වෙනස් කිරීම මඟින් ස්වසන මාර්ගය විවෘ තව තැබිය හැකි කුඩා ප්ලාස්ටික් උපකරණයක් වන oral appliance පැළඳීම.
 
ඔබේ නාස් පුඬු වෙන්කරන බිත්තිය සැකසීම, උගුරේ එල්ලා වැටෙන මාශපේශී ඉවත්කර සැකසීම වැනි ශෛල්‍යකර්ම කරන්නත් ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන්න පුළුවන්.

ආසාදන සුවවීම්, ජීවන රටාවේ සහ ඉරියව් වල ඇතිකරන්නා වෙනස් වීම් වලින් පසුවත් දීර්ඝකාලීනව නින්දෙන් ගෙරවීමේ තත්වය පැවතුනොත් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනීම සිදුකළ යුතුමයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top