ස්කොට්ලන්ත විකට නිළියක වන ජැනී ගොඩ්ලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට ඇය 63 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ඇය වසර ගණනාවක් පුරා පිළිකා රෝගයක් හේතුවෙන් පීඩා විදිමින් සිට ඇති අතර එයට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Bye Ma", "Frank, get the door" යන නිර්මාණ හරහා ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ජැනී ගොඩ්ලි, බැෆ්ටා ස්කොට්ලන්ත සම්මානය උළෙලේ හාස්‍යජනක රංගනය සඳහා නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ඇය 1961 වර්ෂයේදී ග්ලාස්ගෝහි උපත ලබා තිබෙනවා.