ඉදිරියේදී නව ක්‍රමවේදයක් අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ සඳහා පසුගිය රජය විසින් පත්කර තිබූ කමිටුවේ යෝජනා සහ වාහන ආනයනකරුවන්ගේ අදහස් ද සලකාබැලීමට නියමිත බව සදහන්.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කර පසු ඒ ගැන මහජනතාවට දැනුම් දෙන බවත් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් සදහන් කළා.
පසුගිය රජය පත්කළ කමිටුවේ යෝජනා ද සලකා බලා එසේම රජයේ විදේශ විනිමය එකවර පිටට ඇදී නොයන පරිදි මෙය ක්‍රමානුකූලව කළයුතු කටයුත්තක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.