Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
02
ගුණ පලා වර්ගයක් යැයි සිතා ඔයත් වල් පැළෑටි කනවාද? දැනගෙන කන්න, මුකුණුවැන්න...

- ගුණ පලා වර්ගයක් යැයි සිතා ඔයත් වල් පැළෑටි කනවාද? දැනගෙන කන්න, මුකුණුවැන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,208 Views
කතාකරන භාෂාවෙන් අප "මුකුණුවැන්න" ලෙස හැදින් වුවද මෙහි නිවැරදි නාමය වනුයේ "මුගුණුවැන්නය"..
මෙහි ඇති ඖෂධීය වටිනාකම කොතෙක්ද යන්න අවබෝධ කර ගැනීමෙන් දිනපතාම ආහාරයට මුගුණුවැන්න ගැනීමට සිතෙනු නොඅනුමානයි..
 
එහෙත් අවම වශයෙන් සතියකට දවස් තුනක් වත් ආහාරයට ගත යුතුය. එමගින් බොහෝ ලෙඩ රෝග වලින් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇතියි.. මෙම සම්පූර්ණ පැළෑටියම ඖෂධ සදහා භාවිතා කරනවා..

මුගුණුවැන්න කෙතරම් ගුණදායකද ?

ඇස් වලට ගුණදායකය, ඇස් පෙනීම වර්ධනය කරයි. හිසකෙස් වඩවයි, පටක වල ගෙවී යාම අඩු කරයි. (හන්දි රෝග වලට ඉතාමත් හොද ඖෂධයකි) අකලට හිසකෙස් පැසීම, වැටීම නවතාලයි, හිසකෙස් කළු පැහැ ගන්වයි, ධාරණ ශක්තිය ලබා දෙයි, සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව් කරයි. සම පැහැපත් කරයි.

සමේ රෝග වලට සුදුසුයි. හොදින් මළ පිටවේ. ආහාර හොදින් දිරවයි, පිත සමනය කරයි, කිරි දෙන මවුවරුන් ගේ තණ කිරි වැඩි කරයි, රක්ත දූෂණය, දැවිල්ල, කුෂ්ට රෝග, පාණ්ඩු රෝග, වාත රක්තය නැති කරයි. අපස්මාරයට, සෙංගමාලයට ද හොදය. මුත්‍රා සමග ලේ සහ සැරව පිට වන විට මුත්‍රා දැවිල්ලටත් සුදුසුය.

කුඩා ළමයින්ට කොළ කැද ඉතාමත් සුදුසු පානයකි. කැද ආකාරයෙන් පානය කිරීමේදී එය ශරීරයට උරා ගැනීම පහසු වේ. මුගුණුවැන්න ආහාරයට ගැනීමේදී මැල්ලුමක් විදියට පමණක් නොව කැද ආකාරයෙන් හෝ දලු තම්බා ද පානය කළ හැකිය.

මුගුණුවැන්න මගින් රෝග කිහිපයක් සදහා අත් බෙහෙත් සකස් කර ගන්නත් ඔබට පුළුවන්..

ඇදිරි වේලාවේ ඇස් පෙනීම අඩු අයට සහ හිස කැක්කුමට මුගුණුවැන්න කොළ තල තෙලෙන් අඹරා නළලේ ආලේප කරන්න.

රාත්‍රියේ ඇස් පෙනීම දුර්වල අයට මෙම ශාකය කුමන ආකාරයෙන් හෝ පිස ගෙන ආහාරයට ලබා ගැනීමෙන් සහනයක් ලබා ගත හැකිය.

හිසරදයට මුගුණුවැන්න දඩු ඉස්ම නස්න කිරීම, පීනසට මුගුණුවැන්න මුල් කසාය ගම් මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම, සෙංගමාලය සදහා මුගුණුවැන්න පත්‍ර අමු නෙල්ලි අමු කහ සමග කොටා ලබා ගත් යුෂ වලට එළකිරි සහ මී පැණි දමා මිශ්‍ර කර පානය කරන්න.

මුත්‍රා දැවිල්ලට මුගුනුවැන්න මුල් පොල් කිරෙන් පිස ගෙන, මිරිකා යුෂ පානය කිරීම සුදුසුය..

ඒ වගේමයි මුගුණුවැන්න තෙල් ඇස් දැවිල්ල, හිස දැවිල්ලට, මුඛයේ රෝග පමණක් නොව කට දිව පැලීමට ද භාවිතා කරනවා..

දිව තොල් පැලීම, කට තුවාල වීම සදහා මුගුණුවැන්න කිරි හොදි ඉතාමත් ගුණදායකයි.. මෙම කිරි හොද්දට කෝමාරිකා ස්වල්පයක් ගෙන මිශ්‍ර කර භාවිතා කරන්න.. එහි පිට පොත්ත සූරා අයින් කර කිරි හොද්දට මිශ්‍ර කරන්න..

මුගුණුවැන්න කපා, තුන පහ රතු ලූනු, ජලය මිශ්‍ර කර බාජනයකට දමා රත්කර, එයට පොල් කිරි දමා මිශ්‍ර කර ගැනීමෙන් මුගුණුවැන්න කිරිහොද්දක් සාදා ගත හැකිය..
මුගුණුවැන්න කොළ කැද වල ධාතු වර්ධනය කිරීමේ ගුණය ද ඇත..

මෙවැනි ගුණ දෙන මුගුණුවැන්න යැයි සිතා ඔබ ආහාරයට ගන්නා තවත් ශාකයක් ලෙස "කිඹුල්වැන්න"හෙවත් "ඇලිගේටර්" හඳුන්වා දෙන්න පුළුවන්.. ඉතින් මේ ගැන වෙනස හරියටම දැනගමු.. පලමුවෙනි ඡායාරූපයෙහි තියෙන්නේ අපි හැමෝම දන්න "මුගුණුවැන්න"..

දෙවෙනි ඡායාරූපයෙහි තියෙන්නේ "කිඹුල්වැන්න"හෙවත් "ඇලිගේටර්" කියන වර්ගය..

හුගක් අය මේ දෙවනි වර්ගය මුගුණුවැන්න කියල වරදවා ආහාරයට ගන්නවා.. නමුත් එය අපිට විශ සහිත වෙනවා.. මොකද මේ කිඹුල්වැන්න අධිකව විෂ අවශෝෂණය කරල රදවගන ඉන්න ශාකයක්...

අපිට පුලුවන් පහසුවෙන් මේ දෙක වෙන්කරල හදුන ගන්න.. හොදින් බලන්න...

• මුගුණුවැන්න ශාකයෙහි මල කද අසලින්මයි හට ගන්නේ.. ඒ කියන්නේ පැහැදිලි නටුවක් මලෙහි නෑ... නමුත් කිඹුල්වැන්න ශාකයෙහි කදෙහි ගැට අසලින් කුඩා නටුවක් ඇවිත් ඒ මත තමයි මල හට ගන්නේ...

• මුගුණුවැන්න ශාකයෙහි කඳ දිගටම පත්‍රයක් අසලින් මල් පිපෙනු දකින්න පුළුවන් වුනත් කිඹුල්වැන්න ශාකයෙහි බොහෝවෙලාවට මුදුනෙහි පමණක් මල් හට ගන්නවා දකින්න පුළුවන් ....

• ඒ වගේම තමයි කිඹුල්වැන්න මල, මුගුණුවැන්න මලට වඩා ගෝලාකාර බවින් වැඩී...

• පත්‍රවල ඝණකම් බවත් කිඹුලවැන්න වල මුගුණුවැන්නවලට වඩා වැඩී...

• කද දෙකට කඩා බැලූ විට කිඹුල්වැන්න වල හිස් කුහරයක(බටයක) අකාරයට දකින්න ලැබෙන අතර මුගුණුවැන්නවල පිරුණු ස්වභාවයක් දකින්න ලැබෙනවා...

මේ සදහන් කරේ පහසුවෙන්ම මුගුණුවැන්න හා කිඹුල්වැන්න වෙන්කර හදුනගන්න පුලුවන් විදිහයි... එහෙමනම් හොදට බලල තෝරගන මුගුණුවැන්න ආහාරයට ගන්න...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top