එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය නම්කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නා.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගියදා ආරම්භ වුණා.