කළුතර මතුගම මාර්ගයේ දොඩන්ගොඩ, රුවන්මග මංසන්ධියේදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මතුගම දෙස සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියැදුරාට නින්දයෑම හේතුවෙන් මාර්ගයේ ඉවතට පැන දකුණු පසට ධාවනය වෙමින් ඉදිරියෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදික හා මාර්ගයේ කිලෝමීටර් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ නාගොඩ රෝහලේ ඇතුළත්ව සිටිනා තම බිරිඳ හා අලුත ඉපදුණ තම දරුවාගේ සුවදුක් බලා නැවත මතුගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස බලා යමින් සිටියදී අදාළ තරුණයා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.