දොස්තර පාලිත රාජපක්ෂ ගැන අපිට මුලින්ම අහන්න ලැබෙන්නෙ ජීවිත ගණනක් අහිමි කළ පස්සර මාරක අනතුරත් එක්ක.
එදා ජීවිත ගණනක් බේරාගත්ත එම වෛද්‍යවරයා ඉන් අනතුරුව කොවිඩ් තදින්ම පහර දුන් තැන්වලදිත් වෛද්‍යවරයෙකු ලෙස සිය යුතුකම් ඉටුකරනු ලැබුවා.
බදුල්ල රෝහලට අවශ්‍ය උපකරණ ලබාගැනීම වෙනුවෙන් තනි අතකින් සටන් කළ දොස්තර පාලිත මේ වෙද්දි මුහුණු පොතෙත් අතිශය කතාබහට ලක්වන කෙනෙක්.
ඒකට හේතුව දුන්හිඳ - බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී ඊයේ සිදු වුණු මාරක අනතුරත් එක්ක.
රටේම අවධානය දිනූ මෙම මාරක අනතුරින් බොහෝ දෙනෙකු තුවාල ලබද්දී, ඔවුන්ට හුස්ම දෙන්න ඔහු ඊයේ තවත් බොහෝ පිරිසකුත් එක්ක වෙර දැරුවා.
ඔහු ඒ සිදුවීම සිය මුහුණු පොතට එක් කර තිබුණේ ජීවිත මුදා ගැනීමේ සටන අතරතුරව...