මේ නිසා ගෙදර හැමදාම ප්‍රශ්න, ආර්ථික පැත්තෙනුත් ඒ තරම් හොඳ වාතාවරණයක් ඔහුගේ නිවසේ තිබුණේ නැහැ...
මත්කුඩු ඇබ්බැහියක් කරගත්ත ගාමිණි ඔය අතරතුරේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා.. ඒ සිදුවීම් කිහිපයක් මුල්කරගෙනයි.. කාලය ටික ටික ගෙවිලා ගියා.. ඔහු පුනරුත්ථාපන ආයතනයක කාලය ගෙවන කොට තමයි තමන් ගෙවපු නීරස කටුක ජීවිතය ගැන ඔහුට හරියටම වැටහුණේ..
මත්ද්‍රව්‍ය භාවිතා කරපු වෙලාවට කොහොම වුණත්, ඒ නැති හැම අවස්ථාවකදීම ඔහු තරම් තමන්ගේ බිරිඳට, දරුවන්ට ආදරය කරපු කෙනෙක් තවත් නැති තරම්.. කිසිදාක ඒ අයට ඒ ගැන කියාගන්න බැරි වුණත් ගාමිණී කියන්නේ ඇත්තටම එක පැත්තකින් බැලුවොත් උණුවෙන හදවතක් තියෙන මනුස්සයෙක්.. ඔහු හිර භාරයට යන්නට කලින් තම මිතුරන්ට යමක් පවසනවා..
ඒ තමන්ගේ පුතාලා දෙන්නා වගේම බිරිඳ, පුළුවන් තරම් හොඳින් බලා ගන්න කියන ඉල්ලීම.. ඔහු ළඟ නැති බොහෝ අවස්ථාවන්වලදී බිරිඳගේ පිහිටට ඉන්න මේ යාළුවන් නම් අමතක කළේ නැහැ.. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනාගෙන් එක්කෙනෙක් කිසිදා ඔහු නොහිතපු යමක් කරලා.. සැමියා ළඟ නැති බිරිඳගේ රැකවරණයට ගිය හොඳම යාළුවා දැන් ඔහුගේ බිරිඳ අයිති කරගෙන..
අවුරුදු ගානක් පුනරුත්ථාපනය වුණාට පස්සේ ගෙදර යනකොට ගාමිණීගේ, කන වැටෙන්නේ මෙන්න මේ ආරංචිය.. ඔහුට ඒක දරාගන්න බැරි දුකක් වෙනවා.. යහළුවත්, බිරිඳත්, පුතාලා දෙන්නත්, එකම ගෙදරක..
මේ ආරංචි ඉවසාගන්න බැරි වෙච්ච ගාමිණී නිවසට යන්නේ දැඩි වෛරයක් එක්කයි.. කාලයත් එක්ක ඇගේ බිරිඳත් වෙනස් වෙලා.. දරුවන්ට ආදරය කරන්න ඕන වුණත් ගාමිණිට ඒකට ඉඩක් ලැබුණේ නැහැ..
කරපු වැරදි සියල්ල නිවැරදි කරගෙන නිවසට නැවත පැමිණියත් ඔහු දැන් පත්වෙලා තියෙන්නේ හිටියටත් වඩා අසරණ තත්ත්වයකට.. තමන්ගේ වැරදි තේරුම් ගත්තත් ඒවා හදාගන්න බැරි තරම් දුර ගිහිල්ලා තියෙනවා කියලා ගාමිණිට දැන් තේරෙන්න පටන් අරන්.. ඒ නිසා ඔහු අවසානයේ තීරණයක් ගන්නවා..
පවුලම අත ඇරලා හුදෙකලා වෙන්න පුළුවන් ජීවත් වෙන එක ගාමිණිගෙ ජීවිතයට තවත් එක් සැනසීමක් අත්වන තීරණයක් වෙයි කියලා විශ්වාස කරන නිසා ඔහු ඒ පලාතෙන්, ප්‍රදේශයෙන් සදහටම නික්මිලා යන්න තීරණය කරනවා..