අද අලුත් මාසයක්.. ඉතින් අද ඩොලරයට වුණ දේ ගැන ඔබත් දැනගන්න කැමති ඇති..
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.5988ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.6445ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ (25) එහි ගැනුම් මිල රු. 289.1548 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.298.2096 ලෙස සටහන්ව තිබුණා.