දෙන්නෙක් විවාහ වෙන්නේ ගොඩක් බලාපොරොත්තු එක්ක..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ හීන ගොඩක් හිතේ තියාගෙන අලුත් නිවසකට පය තිබ්බ මනාලියක් ගැන කතාවක්..
අලුත කැන්දන් ආපු මනමාලියකට වුණ ඇබැද්දියක් ගැනයි මේ කතාව කියන්න හදන්නේ..
ළඟදී දවසක සිය එකම පුතුට දෙමව්පියන් විසින් මංගල්‍යක් කරලා දීලා.. තවත් දරුමල්ලෝ නැති නිසා මේ ජෝඩුව මහ ගෙදරම තමා පදිංචි වෙලා තිබුණේ.. මනමාලි ගෙදර දොරේ වැඩ හරිම උනන්දුවෙන් කරලා.. ගෙදර දොරේ වැඩ කටයුතු සොයා බලා කරන හින්දා ගෙදර හැමෝගෙම ආදරේ ඇය දිනා ගත්තාලු..
හැම වෙලාවේම ගෙදර බඩුමුට්ටු මාරු කරන එක ඇගේ පුරුද්දක් වෙලා.. ඔන්න දවසක් ගෙදර කවුරුවත් නැති වෙලාවක ඇය ඇඳ , පුටු , මේස වෙනත් තැන් වල තියන්න කටයුතු කරලා..
වැඩට ගිහිල්ලා ගෙදර එන සැමියා ඒක දැක්කාම සතුටු වෙලා තවත් තමන්ට ප්‍රසංශා කරයි කියල තමයි ඇය හිතලා තියෙන්නේ.. ඔන්න රාත්‍රිය උදා වෙලා.. මේ අතරේ තමන්ගේ වත්තේ වැඩ නිම කරලා ගෙදරට ආපූ මාමණ්ඩි මල් පූජා කිරිමට පෙර දුම් ඇල්ලීම සඳහා ඇවිලෙන අඟුරු කබලද රැගෙන එන අතර විදුලිය විසන්දි වෙලා...
ඒ වෙලාවේ ඔහු වෙනදා පුරුද්දට එතන තිබ්බ පුටුවේ වාඩිවෙන්න ගිහිල්ලා.. ඒත් එතන පුටුව ලේලී වෙන තැනකින් තියලා නිසා කලුවරේම දුම් කබල එක්ක ඔහු බිම වැටිලා. ගිණි අගුරු වටේටම සී සී කඩ විසිරිලා..
" කවුද මෙතන පුටුව අයින් කලේ ? බුදු අම්මේ ! මගේ කොන්ද " කියා ඔහු බෙරිහන් දීලා.
"අනේ තාත්තේ මමයි වෙනස් කරේ මෙහෙම විපතක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ." ලේලිය බයෙන් පවසලා..
බැලින්නම් මාමණ්ඩිගේ කොන්දත් කැඩිලා. ඉක්මණින්ම මාමණ්ඩිව රෝහලට එක්ක ගිහිල්ලා. ගෙදර එනකොට දුම් ගොඩයිලු. බලනකොට අර විසිරුණු ගිණි අඟුරු වලින් ගෙදර සෝපාව ගිණි අරගෙනලු..
තව පොඩ්ඩෙන් ගෙදරම ගිනි ගන්න බව පවසමින් ඉක්මනින්නම ගින්න නිවන්න එයාලා කටයුතු කරලා... හරිම විපතක් තමා මාතර අලුත් මනමාලිට වෙලා තියෙන්නේ...