සැමියා වසර දෙකකට පස්සේ ආපහු බයිසිකලයක් පැදගෙන ආවේ කොහොමද ? මේ කතාවට නම් ඇත්තටමැගේ උතුරු දකුණ මාරු වෙන්න ඇති..
"කරුණාකරලා ෆෝන් එක දෙන්න ඔයාගේ මහත්තයාට...." පොලිසියෙන් ඇයට එක හෙළා පැවසුවේ එපමණයි..
ඇයට මොනවා හිතෙන්න ඇතිද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
පුදුම කතාව ඇසෙන්නේ වයඹ පළාතෙන්... මේ කතාවට මුල් වෙන ඇයට පසුගිය දවසක උදේ පාන්දරම කෝල් එකක් ඇවිත්..
ඒ සංවාදය සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි..
පොලිස් නිලධාරියා : හලෝ මේ පොලිසියෙන් කතා කරන්නේ...
කාන්තාව : හලෝ ...
පොලිස් නිලධාරියා : හලෝ මේ කවුද ? ෆෝන් එකේ අයිතිකාරයා ඔයා ද ?
කාන්තාව : නෑ මේක මගේ මහත්තයාගේ...
පොළිස් නිලධාරියා : කරුණාකරලා ෆෝන් එක එයාට දෙනවද ?
කාන්තාව : ඇයි මොකක්ද ප්රශ්නේ
පොළිස් නිලධාරියා : නෑ ඔයාගේ මහත්තයා පහු ගිය දවසක මැදියම් රෑ අපේ මාර්ග බාධකයෙන් ගමනක් ගියා... එතනින් යන එන සියලු වාහන වල විස්තර විස්තර අපි ලියාගන්නවා... ඒ ගිය අයගෙන් අහඹුලෙස තෝරාගත්තු අයව පසු විපරම් කරනවා... ඔබතුමිය කරුණාකරලා මහත්තයාට ෆෝන් එක දෙන්නකෝ ....
මේ වෙලාවේ ඇයට දැනෙන දේ එක හෙළා කියන්න හිතුනත් ඇය එහෙම කළේ නැහැ.. ඒත් ඇයට තවත් විස්තර දැන ගන්න ඕනි හින්දා.. කලබලයක් නොපෙන්වා පොලිසිය මොනවාද මේ කියන්නේ බලන්න තව ටිකක් විස්තර අහලා..
ඒ වෙලාවේ එයාගේ සැමියාගේ වාසගමත් එක්ක සම්පූර්ණ නම, ලිපිනය ,වාහන අංකය, රියැදුරු බලපත්රයේ අංකය , හැදුනුම්පත් අංකය පවා කියලා... කාන්තාව විසින් ඒ ඔක්කොම නිවැරදි බව පිළිඅරගෙන.. එවිට පොලිස් නිලධාරියා ආයෙත් මෙහෙම කියලා...
පොලිස් නිළදාරියා : සේරම විස්තර හරිනේ , මගේ කාලය අපතේ යවන්නේ නැතිව කරුණාකරලා ඔයාගේ මහත්තයාට ෆෝන් එක දෙන්න....
එතකොට තමා පොලිස් නිලධාරියාට පුදුමටය පත් වෙන උත්තරයක් කාන්තාව පිළිතුරු විදියට කිව්වේ...
කාන්තාව : මහත්තයෝ කියපු ඔක්කෝම හරි. ඒත් මගේ සැමියා ඔතනින් ඔය කියන දා ගියේ නෑ. ඒක මට සීයට දාහක් විශ්වාසයි. මොකද මම එහෙම කියන්නේ එයා මැරිලා. මැරිලත් දැන් අවුරුදු දෙකකටත් වැඩී...
එහෙම කෙනෙක් කොහොමද ඔතනින් ජීවමනව ගියේ... ඒ ඔක්කොම බොරු .එයාගේ ජංගම දුරකථනය පාවිච්චී කරන්නේ මම.ඒක විතරයි ඇත්ත. මීට අවුරුදු දෙකකට කලින් මැරිච්ච මහත්තයාට ෆෝන් එක දෙන්න කියලා ඔයා කිව්වාට මම කොහොමද එයාට ෆෝන් එක දෙන්නේ...
තොරතුරු ලියා ගත්ත කෙනාට වැරදිලා වගේ ...... එහෙම කියපු කාන්තාව ජංගම දුරකතන සංවාදය විසන්දි කළා..
ලංකාදීප පුවත්පත ඇසුරින්