ඉදිරියේදී උදවන්නේ උත්සව සමයයි.. මේ කාලයට බොහෝ දෙනෙක් භාවිත කරන දෙයක් තමයි බිත්තර කියන්නේ..
ඉතින් බිත්තර මිල ගණන් මේ කාලය තුළදී වෙනස් වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 41ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබෙනවා..
පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹුණු බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියා..
මේ පිළිබඳව හිරු ප්රවෘත්ති, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ බිත්තරයක ෆාම් රේට් එක රුපියල් 35ත් 36ක මිලකට රදවා ගැනීමටත් බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ක සීමාවක රදවා ගැනීමටත් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි..
පාරිභෝගික අධිකාරිය, වෙළඳ අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන්ද එම මිලගණන්වලට එකඟතාවය පළකර තිබෙනවා..
ඉදිරියේදී උත්සව කාල සීමාව තුළත් මෙම මිලෙහි රඳවා ගැනීමට අපේක්ෂා කරන අතර ජනවාරී මාසය තුළ දී පවතින තත්ත්වය මත මිල තීරණය කිරීමට සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ...