වසර 28ක් පුරා අබිරහසක්ව පැවති කතාවක්.. ඔහු මේ තරම් බිහිසුණු වෙයි කියලා කාත් කවුරුවත් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති..
ඒත් ඔන්න වසර ගණනක් ඇදි ඇදී තිබ්බ මේ කතාවේ අවසානය මෙන්න මේ විදිහටයි විසඳුනේ.. මේ කතාව ආරංචි වෙන්නේ මිද්දෙනිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයෙන්.. අවුරුදු 28කට කලින් බිහිසුණු දවසක් මිද්දෙනියේ වැලිපිටිය ප්‍රදේශයට උදා වුණා...
මුළු ගමම භීතියෙන් සලිත කරමින් වයස අවුරුදු 39 ක් වූ සමරසිංහ ආරච්චිගේ රම්‍යා කාන්ති නම් කාන්තාව නිවස තුළ දමා දොරගුලු වසා පිහියකින් ඇණ මරා දමා තිබ්බා.. මේ දරුණු අපරාදයට සැකපිට අත්තඩංගුවට ගත්තේ වෙන කවුරුවත් නෙවෙයි..
දිවිතුරා ඇයව ආදරයෙන් බලා ගන්නවා කියලා පොරොන්දු වුණු ඇයගේ සැමියාව... කාගේත් සැකය එල්ල වුණේ ඔහුට.. කාලයක පටන් දෙදෙනා අතර අඬදබර සිදුවුණා කියලා තමයි ගම්මු කියන්නේ..
මිද්දෙණිය පොලිසිය විසින් ඝාතනය කිරිමේ චෝදනාව යටතේ රම්‍යාගේ සැමියාට එරෙහිව නඩු පැවරුවා..
අවුරුදු 28 ක් පුරා පවති දීර්ඝ නඩු විභාගයකට පස්සේ ඊයේ දවසේදී ඔහුට මරණීය දන්ඩණය නියම කිරීමට තංගල්ල මහාධිකරණය විසින් තීන්දු කළා.. ජිවිතේ පුරා එක්ව යනවා කියලා පොරොන්දු දුන්නත් අවසානයේ මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නම් නැතුව ඇති..