මේ කියන්න යන්නේ තවත් ඔබට විශ්වාස කරන්නත් අමාරු කතාවක්...
කවුද හිතන්නේ මේ වගේ දෙයක් නවාතැන්පොළේ සිටි ඔවුන්වත් නොදැන සිද්ධ වෙනවා කියලා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අමුතු කතාවක්.. මේ සරසවි සිසුවියන් හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.. හොරණ ඇල්බට් පිරිස් මාවත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මේ තරුණියක් සුපුරුදු විදිහටම එදාත් තමගේ වැඩකටයුතු කරන ගමන් නවාතැන්පොලේ කාලය ගත කළා..
ඔවුන්ටත් නොදැනීම මේ සිසුවියන් නාන කාමරයේ ස්නානය කරන අයුරු ජංගම දුරකථනයක් ආධාරයෙන් කිසියම් පුද්ගලයෙක් රහසිගත ලෙස වීඩියෝ කර තිබෙනවා.. එසේම මේ වන විට අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසන්නේ...
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි මානාන, ගල්පාත ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, අදාල සිසුවියන් විසින් 29 වැනිදා සවස කරන ලද පැමිණිල්ලකට අනුවයි මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.. කෙසේ වෙතත් අදාල සිද්ධියට සම්නබන්ධ සැකකරු ඊයේ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා..