ආදරයවත් , වෛරයත් අතර තියෙන්නේ කෙස්ගහක වෙනසක් කියන එක අමුතුවෙන් ආයෙත් කියන්න ඕන නැහැ නේ.. මේ කියන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් කතාවක්..
ඔවුන් දෙදෙනාගේ ආදරය වසර 9ක් වුණත්, මේ ඔහු උත්සාහ කරලා තියෙන්නේ ඇගේ හුස්ම නතර කරන්න..
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානය ඉදිරිපිටදී ඊයේ දහවල් තම පෙම්වතියට තියුණු ආයුධයකින් ඇන බරපතල තුවාල සිදු කළ පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි එප්පාවල පහල සියඹලා ගස්වැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්..
මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බරපතල තුවාල ලැබූ තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා..
පිහි අනුම සිදු කළ පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ..
එම දෙදෙනා අද දහවල් හෝටලයක් වෙත යාම සඳහා සූදානම් වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ..
පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබෙනවා..
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී, උල් පිහියක් සහ වස බෝතලයක් සොයාගෙන ඇති අතර සැකකරු විසින් තම පෙම්වතිය ඝාතනය කර, ඔහුද වස පානය කර සිය දිවි නසා ගන්නට සැලසුම් කර තිබූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ..