ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් අද (31) දීපාවලි උත්සවය සමරනු ලබනවා.
අයහපත පරදා ජය ගත් දිනය ලෙසද ඔවුන් අද දින සළකනවා.
"අධර්මය පරදවා ධර්මය ජයගැනීම" සංකේතවත් කරමින් පහන් දල්වා දීපාවලී දිනය සැමරීම සිදුකෙරෙයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන ද්‍රවිඩ ජනතාව ද දීපාවලි දිනය අද මහත් හරසරින් සමරනු ලබනවා.
චන්ද්‍ර දින දර්ශනය යනු හින්දු භක්තිකයින්ට විශේෂ වුණු දින දර්ශනයක්.
ඒ අනුව හින්දූන්ගේ නව වසරේ ආරම්භය අද දවසේ සනිටුහන් වෙනවා.
ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් අද මහත් හරසරින් දීවාලි නැතිනම් දීපාවලී උත්සවය සමරනවා.
අඳුර පලවා හැර නව ආලෝකයක් උදා වන දිනය දීපාවලී දිනය ලෙස හැඳින්වෙනවා.
නව ආලෝකය සනිටුහන් කිරීම සඳහා හින්දු බැතිමතුන් අලුත් පහන් දල්වා දෙවියන්ට පූජා පවත්වා සිය නිවෙස් ආලෝකවත් කරන්නේ යහපත සංකේතවත් කිරීම උදෙසායි.
ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් හින්දු බැතිමතුන් මෙම උත්සවය සමරනු ලබනවා.
ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මගකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.