පසුගිය දවසක ආරුගම්බේ ප්‍රදේශයේ ඉදලා කතරගමට පාර හොයාගෙන ආපු විදේශීය ජාතිකයෙක් පාන්දර හතරට පමණ සිය ගමනාන්තයට පැමිණ තිබ්බේ ජී.පි.එස් තාක්ෂණය උපයෝගී කරගෙනයි.
ඔහුගේ ගමනාන්තය වුණේ කතරගම නාගහවීදිය ගමට මායිමේ, මැටි උපයෝගී කර ඉදි කර ඇති සංචාරක නිකේතනයක්.
සංචාරකයා ඉදිරියේ ඉනි වැටකින් වට කරපු මැටි ගෙදරක් තිබිලා. වේලාව පාන්දර නිසා ශාරිර අවශ්‍යතාවයකට ඒ නිවසේ තනිවම වාසය කරන මව එළියට ඇවිත්. ඒ මොහොතේ ඇය හිතාගන්නවත් බැරි භයානක දර්ශනයක් දකිනවා.
මීදුම මැද්දෙන් ඝන අදුරේ පුංචි කණාමැදිරි එළියක් සමග උස මහත සුදු පාට හොල්මනක්..! මෙන්න ඒ හොල්මන ඉඩමේ කොනකින් කඩුල්ල පනිනවා. මහත්සේ බියට පත්වුණු මහලු මව විලාප තියලා කෑ ගහලා..
ඒ සද්දේ ඇහුන අසල්වාසින් ඒ නිවස දිහාවට දුවගෙන ඇවිල්ලා සුදු ජාතිකයා වටකරගෙන.
වෙන්න යන දේ හොද දෙයක් නොවන බව තේරුනු විදේශිකයා ජංගම දුරකතනයෙන් පෙන්වලා තමන් ආපූ නිවාඩු නිකේතනය ගැන ඔහුටන්ට ඉක්මනින් කියලා.
ගම්මු සිද්ධිය අවබෝධ කරගෙන නිවාඩු නිකේතනයට ඔහුව ඇරලවලා. ඒත් අර බිය වුණ අම්මාට අවසානයේ මතුරලා නූලකුත් බඳින්න සිද්ධවෙලා කියලයි ආරංචි වුණේ.